ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකකරණයට යෝජනා

වර්තමානයේදී දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කිරීමට යෝජනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අද පස්වරුවේදී ජාතිය අමතමින් අගමැතිවරයා මේ බව පවසා සිටියේය.

“2020-2021 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021 මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව රුපියල් බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්නම වෙනවා.”

එසේම මෙම පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිසුන්ට විදින්නට වී ඇති බව දැන ගත යුතුව ඇති බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Visits: 121