එයාර්ටෙල් වෙතින් ප්‍රථම වරට සියලූම ජාල සඳහා නොමිලේ අසීමිත ඇමතුම් පිරිනමයි

එයාර්ටෙල් ලංකා සිය Prepaid Freedom Plans වෙතින්  ඕනෑම ජාලයකට සහ සමාජ ජාල මාධ්‍ය වෙත නොමිලේ අසීමිත ඇමතුම් හඳුන්වා දී ඇතැයි පවසයි.

එයාර්ටෙල් Freedom Packs හඳුන්වා දුන් දා සිට, මෙලෙස පාරිභෝගිකයින්ට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට හැකි වන නව හඳුන්වාදීම්/වෙනස්කම් එයාර්ටෙල් ලංකා සමාගම නිරන්තරයෙන් සිදු කරමින් සිටී.

මෙම ඓතිහාසික පියවර මගින් පෙරගෙවුම් පරිශීලකයින්ට ඔවුන්ගේ මිතුරන්ට සහ පවුලේ අයට දේශීය ඇමතුම් ලබා ගැනීමේදී සැබෑ නිදහසක් ලබා දෙන නිසා දේශීය ඇමතුම් ගාස්තු පිළිබඳව කරදර විය යුතු නැත. ඔබ වෙනත්  ඕනෑම ජාලයක් වෙත ඇමතුමක් ලබා දුන්නද එය සම්පූර්ණයෙන්ම ගාස්තුවලින් තොර වන අතර අසීමීත ඇමතුම් ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ‘’වෙළෙඳපොලේ ඇති හොඳම ප‍්‍රතිලාභ පාරිභෝගිකයින්ට ලබා දීමට අමතරව විශේෂයෙන් සියලූම ශ‍්‍රී ලාංකිකයන් මුහුණ දෙමින් සිටින වත්මන් අස්ථාවර තත්වය සමඟ ශ්‍රී ලංකාවේ උද්යෝගිමත් පෙරගෙවුම් ජංගම දුරකතන පරිශීලක පදනමට වැඩි වටිනාකමක් ලබා දීම සඳහා මෙරට සන්නිවේදන ක්ෂේත‍්‍රය යොමු කරවීමට අපගේ Unlimited Plans සහාය වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

එයාර්ටෙල් ශ‍්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ මුලපිරීම් ගණනාවක් සඳහා දායකත්වය ලබා දී තිබෙන අතර එකම ජාලය තුළ අසීමීත ඇමතුම් ලබා ගැනීම මෙරටට පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේද එයාර්ටෙල්ය. එයාර්ටෙල් Freedom හඳුන්වා දීමත් සමඟ එක් වරක් recharge කිරීමෙන් ඉහළ ප‍්‍රතිලාභ රැුසක් එයාර්ටෙල් සිය පරිශීලකයින්ට සලසා දෙනු ලබන අතර ජාලයන් අතර පවතින තරගකාරීත්වයට සාපේක්ෂව ඔවුන්ගේ සියලූ භාවිතාවන් සඳහා වැඩි ඉතිරියක් ද ලබා දෙයි.  ඕනෑම ජාලයකට නොමිලේ අසීමිත ඇමතුම් හඳුන්වා දීමත් සමඟ සන්නිවේදන ක්ෂේත‍්‍රය සඳහා නව ප‍්‍රවණතා ඉදිරිපත් කරන්නෙකු බවට එයාර්ටෙල් පත් වේ.

‘‘අපගේ ව්‍යාපාරික සැලසුම් යාවත්කාලීන කිරීමෙන් ශ‍්‍රී ලාංකේය ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ වැඩි තරඟකාරීත්වයක් සහ පාරිභෝගිකයා මූලික කරගත් වටිනාකමක් ලබා දීම උදෙසා වෙනස්කම් සිදු කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. අපගේ පරිශීලකයින්ට අසීමිත ඇමතුම් ලබා ගැනීමට සහ සමාජ ජාල මාධ්‍ය තුළ රිසි සේ සැරිසැරීමට හැකියාව ලබා දිය හැකි එකම ජාලය වන්නේ අපයි. මෙයින් අදහස් වන්නේ එක්වරක් recharge කිරීමෙන් ඔවුන්ගේ සියලූම මාසික ඇමතුම් හා අන්තර්ජාල අවශ්‍යතාවන් සපුරනු ඇති බවයි.’’ යනුවෙන් අශීෂ් මහතා වැඩිදුරටත් පැවසුවේය.

පෙරගෙවුම් පරිශීලකයින්ට මෙය රුපියල් 749 සහ රුපියල් 1,249 යන පැකේජ දෙකකින් තෝරා ගත හැකිය. මෙම පැකේජ දෙකම මගින් එයාර්ටෙල් පරිශීලකයින්ට  ඕනෑම ජාලයකට අසීමිත දේශීය ඇමතුම් ලබා ගැනීමට මෙන්ම අසීමිතව සමාජ ජාල මාධ්‍යවල (YouTube, Facebook, FB Messenger and WhatsApp) සැරිසැරීමට ඉඩ සලසයි.

මීට අමතරව රුපියල් 749 පැකේජය මගින් anytime 4G ඬේටා 30GB ක් ලබා දෙන අතර රුපියල් 1,249 පැකේජය මගින් anytime 4G ඬේටා 60GB ක් ලබා දෙයි. මෙම පැකේජ දෙකම දින 30ක කාලයක් සඳහා වලංගු වන අතර අමතර SMS ප‍්‍රතිලාභ ද ඇත.

2011 දී මෙරට මෙහෙයුම් ආරම්භ කළ දා සිට එයාර්ටෙල් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද විශාලතම තනි ආයෝජනය ලෙස මෙම ‘Freedom Packs’ හැඳින්විය හැකිය. එයාර්ටෙල් හි purpose-built 4G සේවාව මගින් 99%ක් buffering රහිත වීඩියෝ නැරඹීමේ හැකියාව හා 4G සංඥා සමඟින් වැඩි දියුණූ කළ අසමසම ගෘහස්ත ආවරණය ඇතුළුව පරීශීලකයාට සුපිරි අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරයි. මෙම අතිනවීන යටිතල පහසුකම් 5G තාක්ෂණය වෙත පාරිභෝගිකයින් අඛණ්ඩව සමීප කරවීමේ හැකියාව සහිතව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

Visits: 140