ඉන්දියානු මහ කොමසාරිස් නව අගමැති රනිල් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුභ පැතුම් එක් කළ බව පවසයි.

මහ කොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුම තුළ සටහනක් තබමින් මේ බව පවසා සිටියි.

නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු හමුවීමට පැමිණි පළමු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා වන්නේද ඉන්දීය මහ කොමසාරිස්වරයාය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික යථාවත්විම සහ ස්ථාවරත්වය වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි සහයෝගය පිළිබඳව සාකච්ඡාවේ නිරත වූ බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී පවසා තිබේ.

එහිදී විශේෂයෙන්ම මෙම ආර්ථික යථාවත්වීම සහ ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහ පැවැත්වම සඳහා වන වඩාත් ප්‍රජාත්නත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීම වැදගත් බවත් මහ කොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය වැඩභාරගැනීම සිදු කළේය.

Visits: 60