“රනිල් අගමැතිවීම වර්තමාන අර්බුදයට පිළිතුරු සෙවීමේ අවස්ථාවක්” – ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස පත්වීම් ලැබීම ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති අර්බුද සඳහා පිළියම් සෙවීමට අවස්ථාවක් බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොව්ලි මහතා පවසයි.

අද දිනයේදී සිය ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

ඒ අනුව ඉදිරියේදී සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වන විසඳුමක් ස්ථාපිත කිරීම සඳහා නව රජය උනන්දු කරවමින් ඒ  සමගින් කටයුතු කිරීමට පියවර ගන්නා බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර තිබේ.

Visits: 87