හඳුනාගත් පාර්ශ්ව වෙත තනි තනිව ඉන්ධන ආනයනයට අවස්ථාව

විධිමත් පරිදි හඳුනාගන්නා ලබන පාර්ශ්වයන්ට තනි තනිව ඛනිජ තෙල් ආනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාදීමට රජයේ අවධානය යොමුව ඇතැයි පවසයි.

ඒ අනුව ඒ සඳහා බලශක්ති ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

අද දිනයේදී පැවැත් වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි.

මෙහිදී අදාළ බලපත්‍රය ලබාදීමට හැකි වන පරිදි 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බලශක්ති ඇමතිවරයා මෙහිදී යෝජනා ඉදිරිපත් කර ඇත.

විශේෂයෙන්ම රටේ සියලුම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින් ආර්ථිකයේ තෝරා ගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසයි.

Visits: 160