සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී කොටස් CSE ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් (SFL.N0000) සහ මනාප කොටස් (SFL.P0000) එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

ඒ අනුව අද (අප්‍රේල් 26දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කොටස් ලැයිස්තුගතකිරීමෙන් ඉවත් කර තිබේ.

පසුගිය මාර්තු 21 වැනිදා සිට බලාත්මක වන පරිදි LOLC හෝල්ඩිංග්ස් සමූහයට අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම තම සමාගම හා ඒකාබද්ධ කර ගැනුණි.

ඒ අනුව එතැන් සිට එම සමාගම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වීම සිදුවිය.

එසේම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමගින් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම නමින් පමණක් මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Visits: 131