ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ගෑස් නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860.00ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,945ක් ලෙසත්, ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 910.00ක් ලෙසත් මෙලෙස මිල ඉහළ නැංවෙන බව සමාගම පවසයි.

මේ අතරින් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී රුපියල් 1493.00ක් වූ අතර, ඔක්තෝබර් මාසයේදී එය රුපියල් 2,675.00ක් දක්වා වැඩිවිය. ඒ අනුව මෙවර කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2‍,185කින් ඉහළ ගොස් තිබේ.

Visits: 110