විරංග වික්‍රමරත්න කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී CEO ධුරයට

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ පරිපාලිත සමාගමක් වන කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස විරංග ඉඳුනිල් වික්‍රමරත්න මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කර සිටියි.

2022 අප්‍රේල් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදු කර තිබේ. මෙතෙක් කලක් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ සුමුදු තන්තිරිගොඩ මහතාගේ ඉවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ ධුරය සඳහා වික්‍රමරත්න මහතා මෙලෙස පත්ව තිබේ.

මෙම පත්විම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.

මෙම නව පත්වීමට පෙරාතුව විරංග වික්‍රමරත්න මහතා ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරිං පීඑල්සී සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) ලෙසද කටයුතු කර තිබේ. එසේම ඊට පෙර ඒ මහතා Brandix Lingerie සමාගමේ සාමාන්‍යාධිකාරී, අලෙවි සහ අලෙවිකරණ ලෙසද කටයුතු කර ඇත.

වික්‍රමරත්න මහතා එක්සත් රාජධානියේ ග්ලැමෝර්ගන් විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳව MSc උපාධියක් හිමි කරගෙන ඇති අතර, එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයෙතනයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හිමි කරගෙන ඇත.

කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම යටතේ එලිෆන්ට් හවුස් සහ කීල්ස් යන නිෂ්පාදන වෙළෙඳ නාම වෙළෙඳ පොළට නිකුත් කිරිම සිදු කරයි.

Visits: 74