අලුත් අවුරුද්දට වාසි රැසක් රැගෙන “Daraz අවුරුදු වාසි” නැවතත්

Daraz.lk වෙබ් අඩවිය “Daraz අවුරුදු වාසි” විශේෂ අලුත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව Daraz.lk මිලියන 5 කට අධික දෙස් විදෙස් නිෂ්පාදනයන් රැසක් අතරෙන් තම සිතැඟි පරිදි භාණ්ඩ තෝරාගන්නට 80% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන 30ක් වටිනා වට්ටම් රැසක් පිරිනමයි.

ඔබේ ප‍්‍රියතම ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන, නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැළඳුම් වර්ග රැසක්, සෙල්ලම් බඩු, රූපලාවණ්‍ය උපකරණ, ක‍්‍රීඩා උපකරණ, මෝටර් සයිකල් මෙන්ම එදිනෙදා දිවිය පහසු කරන නිෂ්පාදනයන් රැසක් සඳහා “අඩුම මිල ගණන්”, පොලී රහිත මාසික ගෙවීමේ ක‍්‍රම, තෝරාගත් බැංකු කාඞ්පත් සඳහා 12% ක අමතර වට්ටම් ඇතුළු තවත් සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් සපිරිව සදා මතකයේ රැඳෙන අසිරිමත් අන්තර්ජාල සාප්පු සවාරියක මිහිර මෙවර “Daraz අවුරුදු වාසි” සමග ලබාගත හැකිය.

විනෝදාත්මක ඔන්ලයින් ක‍්‍රීඩා හා නොමිලේ දීමනා යනාදී විශේෂ ප‍්‍රවර්ධන රැසක්ද මෙවර “Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහන තුළ අන්තර්ගත වේ. ප‍්‍රවර්ධන කාල සීමාව තුළ “One Rupee game” ක‍්‍රීඩාව සමග එක්ව Daraz Points වෙතින් ගෙවීම් කරන විට iPhone 13, අගල් අගල් 55 Samsung රූපවාහිනී, Innovex රෙදි සෝදන යන්ත‍්‍ර, ASUS ලැප්ටොප් වැනි දෙස් විදෙස් ප‍්‍රමුඛ පෙළ සන්නාමයන්ගේ නිෂ්පාදන රැසක් රුපියලක් වැනි ඉතා සුළු මුදලකට දිනාගැනීමේ අවස්ථාවත් ඔබට උදාවේ.

“Daraz Live” විශේෂාංගය හරහා විනෝදාස්වාදය ලබන අතරවාරයේ වටිනා ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව ද මෙවර “Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහන සමග එක්වන ඔබට හිමි වේ. තවද Daraz සමග පළමු වරට එක්වන ගනුදෙනුකාරභවතුන් සඳහා රු. 50 ක රීලෝඞ් පහසුකමක් සමග පළමු මිලදී ගැනීමට රු. 250 ක විශේෂ මිල අඩු කිරීමක් මෙවර “Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහනේදී ලබාදෙයි. තවද “Build Your Basket” පහසුකම භාවිතා කරමින් මිලදී ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ 7ක් සඳහා 10% ක විශේෂ වට්ටමක් ලබාගැනීමට හැකිවේ.

දෙස් විදෙස් පාරිභෝගික ජනතා විශ්වාසයට පාත‍්‍ර වූ සුපිරිතම සන්නාම රැසක අනගි නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරන Daraz සතු සුපිරි අලෙවි අවකාශය වන Daraz Mall හි Celcius store සමග ගනුදෙනු කරන පළමු පාරිභෝගිකයන් 100 දෙනා වෙත Celcius travel pillow නොමිලේ හිමිවේ. Daraz Mall හි Mead Johnson Nutrition store වෙතින් රු. 2000 ට වැඩි මිලදීගැනීම් සිදු කරන පාරිභෝගිකයන් හට DELL ලැප්ටොප් හිමිකරගැනීමේ අවස්ථාව උදාවේ.

Daraz Mall හි Reckitt Benckiser store වෙතින් රු. 1500 ට වැඩි මිලදීගැනීම් සිදු කරන පාරිභෝගිකයන් හට වසර 10 ක විශිෂ්ඨ වගකීමක් සමග Samsung RT28 253L Inverter දොර දෙකේ ශීතකරණයක් හිමිකරගැනීමේ අවස්ථාව හිමිවේ. රු. 3500 කට වැඩි වටිනාකමකින් යුතු Laveena Sarees මිලදීගැනීම් වෙනුවෙන් රු. 15000 ක් වටිනා ඇඳුම් කට්ටලයක් දිනාගැනීමේ අවස්ථාව ද “Daraz අවුරුදු වාසි” සමග පාරිභෝගිකයන් වෙත හිමිවේ.

The Concept Store, Staedtler, Revlon, Nature’s Beauty Creations, Avirate, Trendy Clothing, Yfashion, Lenuo, IELGY, TOFO, Surya Electronics සහ UGREEN Flagship Store ස්වර්ණමය අනුග‍්‍රාහකයන් ලෙසත්, Reckitt Benckiser, DELL, Embark, Quantum Fitness, Hunters PLC, Lumstar, Janet, SJCAM, Ebsaw Electronics සහ Privi Fashion ප්ලැටිනම් අනුග‍්‍රාහකත්වයෙන් ද Unilever, VIVO, Mead Johnson Nutrition, Brown & Company PLC, Teleseen Marketing, Celcius, Swisstek සහ Laveena Sarees දියමන්ති අනුග‍්‍රාහකත්වයන් ලෙසද දෙස් විදෙස් ආයතන හා සන්නාම රැසක් මෙවර “Daraz අවුරුදු වාසි” ශක්තිමත් කරනු ලබයි.

“Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහන සමග එක්වන ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, මහජන බැංකුව, යුනියන් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (AMEX)” HNB, NDB, HSBC, DFCC බැංකු සහ LOLC ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් පොලී රහිතව කොටස් වශයෙන් මාස 60 ක පහසු ගෙවීමේ ක‍්‍රමවේදයක් සලසා දෙයි. එමෙන්ම සියළු Mastercard ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 12% ක විශේෂ වට්ටමක්ද හිමිවේ. (කොන්දේසි සහිතයි)

Visits: 60