SLIIT හි LJMU LLB (ගෞරව) උපාධියට ශ්‍රී ලංකා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ පිළිගැනීම

SLIIT ආයතනය මඟින් පිරිනමනු ලබන, එක්සත් රාජධානියේ පිහිටි කීර්තිමත්විශ්ව විද්‍යාලයක් වන Liverpool John Moores විශ්ව විද්‍යාලයෙහි (LJMU) LLB (ගෞරව) උපාධිය සඳහා, ශ්‍රී ලංකා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ පිළිගැනීම හිමිවී තිබේ.

මෙමගින් සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් බ්‍රිතාන්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ හරහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම්දීමට අවශ්‍ය මග පාදනු ලබයි.

LJMU හි LLB (ගෞරව) උපාධිපාඨමාලාව, පූර්ණ බලයලත් (fully franchised) සහ Qualifying Law Degree (QLD) ගණයේ උපාධියක්වන අතර, උපාධිධාරීන්ව දේශීයව සහ ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්වන නීතිවේදීන් බවට පත් කිරීමට කටයුතු කරයි. තවද, මෙම උපාධිය එක්සත් රාජධානියේ ‘Solicitors Regulation Authority’සහ ‘Bar Standards Board’ යන ආයතනවල පිළිගැනීමට ලක්වූ උපාධිපාඨමාලාවකි.

වසර තුනක් වූමෙම පූර්ණ කාලීන උපාධි වැඩසටහන තුලඉංග්‍රීසි නීතියේ හරයාත්මක මූලධර්ම පිළිබඳ අවබෝධයක් ලබා දෙන මුලික විෂයන් මෙන්ම මානව හිමිකම්, බුද්ධිමය දේපළ සහ මූල්‍ය අපරාධ ඇතුළු පුළුල් පරාසයක විහිදී ගිය විකල්ප විෂයන් ද ඇතුළත් වේ. විශේෂයෙන්ම, Mooting, මැදිහත්කරණය (Mediation) සහ සායනික නීති අධ්‍යාපනය (Clinical Legal Studies)යනාදී  විකල්ප විෂයන් හරහා නීතියේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව සිසුන් දැනුවත් වන අතරම එමගින් ඔවුන්ට දක්ෂ නීති වෘත්තිකයන් බවට පත්වීමට අවශ්‍ය කුසලතා වර්ධනයද සිදුවේ.

SLIIT නීති විද්‍යාලයෙහි ප්‍රධානී, මාහාචාර්ය නාගනාදන් සෙල්වකුමරන්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”LJMU හි LLB (ගෞරව) උපාධිය, ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සංස්ථාපිත සභාවේ පිළිගැනීමට ලක් වීම ගැන අපි සතුටු වෙනවා. මෙමගින් අපගේ සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකමක් ලබා ගැනීමේ අවස්ථාව ද ඒ හරහා ශ්‍රී ලංකාවේ නීතිඥවරයකු වීමේ මාර්ගය ද දැන් විවර වී තිබෙනවා.”

SLIIT විසින් පිරිනමන LJMU හි LLB (ගෞරව) උපාධිය, විශ්වවිද්‍යාල පනත යටතේ ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ (MOHE) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධිපාඨමාලාවකි. එසේම SLIIT ආයතනය, පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ (ACU) මෙන්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ ද (IAU) සාමාජිකත්වය දරන ආයතනයකි.

උපාධිය හැදෑරීම සඳහා අවශ්‍ය සුදුසුකම් වන්නේ ශ්‍රී ලංකාවේ අ.පො.ස.උසස් පෙළවිභාගයේ හෝඑක්සත් රාජධානියේකේම්බ්‍රිජ්/එඩෙක්සෙල් උසස් පෙළ විභාගයේ, ඕනෑම විෂය ධාරාවක් යටතේ සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත්ව තිබීම හා ශ්‍රී ලංකාවේඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සහිතව සමත් වී තිබීමය.

මෙම උපාධි වැඩසටහන පිළිබඳ වැඩි විස්තර +94 0117544801 යන දුරකථන අංකය ඔස්සේ SLIIT ආයතනය හා සම්බන්ධ වීමෙන් හෝ ljmu@sliit.lk විද්‍යුත් තැපෑලෙන් හෝ www.sliit.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

Visits: 114