SAMSUNG සිය නවතම ගැලැක්සි Devices නිර්මාණය සඳහා ඉවතලන මාළු දැල් යොදා ගනී

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, සාගර ආශ‍්‍රිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා නව ජීවයක් එක් කරමින් සිය එකිනෙකට වෙනස් වූ Galaxy devices නිෂ්පාදනය සඳහා නව අමුද්‍රව්‍යයක් නිපදවීමට පියවර ගෙන ඇත. ඒ තිරසාරබව හා නවෝත්පාදනය එක් කළ ආයතනික පියවරක් ලෙසිනි.

සාගර ආශ‍්‍රිතව ඇති ඉවත දැමූ ධීවර මාළු දැල් නැවත වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීමේ අරමුණින් (repurposed) මෙම නව අමුද්‍රව්‍ය නිපදවනු ලබයි.

විශේෂයෙන් පරිසරය උදෙසා වූ Galaxy for the Planet යන අපගේ ගමන් මගේ තවත් පියවරක් වන මෙම අමුද්‍රව්‍ය භාවිතය තුළින් පාරිසරික හානිය අවම කිරීමටත් Galaxy පාරිභෝගිකන් වෙත තිරසාර ජීවන රටාවක් උරුම කර දීමටත් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අරමුණු කරයි.

සාගර ආශ‍්‍රිත ප්ලාස්ටික් භාවිත කර නිපදවන ලද අමුද්‍රව්‍ය ඉදිරියේදී සැම්සුන්හි සමස්ත නිෂ්පාදන මාලාවට ඇතුලත් කරනු ඇති අතර පසුගියදා පැවති Unpacked හිදී එළිදක්වනු ලැබූ සැම්සුන් හි නවතම Galaxy devices සමඟින් එම වැඩපිළිවෙල පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය විය.

එක් වරක් භාවිත කරන ලද ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීමට මෙන්ම පාරිභෝගිකයින් භාවිත කර ඉවත දැමූ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර නිපදවන ලද ද්‍රව්‍ය (post-consumer material-PCM) හා ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ කඩදාසි වැනි වෙනත් පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතය තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන සැම්සුන් හි දැනට සිදු කරගෙන යනු ලබන ප‍්‍රයත්නය මෙම devices තුළින් මනාව ප‍්‍රදර්ශනය කරනු ඇත.

මෙම සුවිශේෂී පරිවර්තනයත් සමඟ අනාගතයේදී Galaxy තාක්ෂණය සමඟින් ප‍්‍රමුඛ නිර්මාණයන් පාරිභෝගිකයා වෙත ගෙන එනු ඇති අතරම වඩා යහපත් පාරිසරික බලපෑමක්ද එල්ල කරනු ඇත.

ඔබ සාගර ආශ‍්‍රිත ප්ලාස්ටික් පිළිබඳ සිතන විට සාගරය මතුපිට පාවෙන ප්ලාස්ටික් වතුර බෝතලයක් හෝ ග්‍රොසරි බෑගයක් පිළිබඳ සිතට නැගෙනු ඇත. අප සිතනවාට වඩා සුවිසල් පාරිසරික තර්ජනයක් සෑම වසරකම ඉවතලන ධීවර මාළු දැල් ටොන් 640,000 ක් ප‍්‍රමාණයක් සමඟ සිදු වෙයි.

සියවස් ගණනාවක් තිස්සේ සාගරයන්හි රැඳී තිබෙන මෙම දැල් සමුද්‍ර ජීවීන්ගේ පැවත්මට මෙන්ම කොරල්පර හා ස්වාභාවික වාසස්ථානයන්ට බලවත් තර්ජනයක් එල්ල කරනු ලබයි. එසේම මෙය අපගේ ආහාර හා ජල මූලාශ‍්‍ර ක්ෂය වීමට කෙරෙහිද සුවිසල් බලපෑමක් එල්ල කරන බව නොරහසකි.

ඉතා සංවේදී පාරිසරික සමතුලිතභාවය ක්ෂණයකින් විනාශ කරන මෙම ධීවර දැල් එකතු කිරීමත්, ඒවා නැවත වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීමත් තුළින් අප සතු සාගරය පිරිසිදුව තබා ගැනීමට මෙන්ම පරිසරය සහ අප සියලූ දෙනාගේ අනාගතය ආරක්ෂා කර ගැනීම සඳහා ගනු ලබන ඉතා වැදගත් පළමු පියවර ලෙස ද හඳුන්වා දිය හැකිය.

සෑම විටම ජංගම දුරකතන තාක්ෂණයේ සීමාවන් පුළුල් කිරීමට සමත්ව ඇති සැම්සුන් අද වන විට එහි තිරසාර පාරිසරික භාවිතයන් ද සමඟ එම අරමුණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි. ඒ හානිකර අපද්‍රව්‍ය බවට පත්වන ඉවතලන ධීවර මාළු දැල්වලට නව ජීවයක් ලබා දෙමින්  සැම්සුන් හි තාක්ෂණික විසඳුම් හරහා අපගේ පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා අප සියලූ දෙනාට කුඩා කාර්යයකින් වැඩි යමක් සිදු කළ හැකි ආකාරය පෙන්වා දෙමිනි.

පාරිසරික වශයෙන් පමණක් නොව Galaxy devices පරිශීලකයන්ගේද ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන ආකාරයේ සාගර ප්ලාස්ටික් දුෂණය අවම කිරීමට කැපවී සිටින සැම්සුන් මේ තුළින් නව තාක්ෂණික දියුණුව වෙනුවෙන් පාරිසරික ක‍්‍රියාකාරකම් යොදා ගැනීමට කටයුතු කර ඇත්තේ අනාගත පරපුර වෙනුවෙන් මිහිතලය ආරක්ෂා කිරීම සඳහා සමාගමෙහි කැපී පෙනෙ ජයග‍්‍රහණයක් සනිටුහන් කරමිනි.

Visits: 71