කීල්ස් ෆුඩ්ස් ප්‍රඩක්ට්ස් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 7.00 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කීල්ස් ෆුඩ්ස් ප්‍රඩක්ට්ස් පීඑල්සී (KFP.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගිය පෙබරවාරි 28 වැනිදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 7ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතර මැදි ලාභාංශ ගෙවීම බව පැවසෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 31 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස මාර්තු 10 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් කිල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම පවසයි.

අවසන්වරට කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු සිදුවුණු පසුගිය පෙබරවාරි 28 වැනිදා කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 167.75ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ වටිනාකම වූ රුපියල් 162.75ට සාපේක්ෂව රුපියල් 5.00කින් එනම් 3.07%කින් වටිනාකම් ඉහළ යාමකි.

Visits: 244