රුසියානු රූබලය 40%කින් අවප්‍රමාණය වෙයි – තෙල් බැරලයක් යළිත් ඩොලර් 102 ඉක්මවයි

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවලින් පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියානු රූබලයේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 40%කින් අවප්‍රමාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙහිදී රූබලයේ වටිනාකම දරුණු ලෙස කඩා වැටීම සඳහා ආසන්නතම සිදුවීම ලෙස ඊයේ රුසියානු බැංකු කිහිපයක් සඳහා ජාත්‍යන්තර SWIFY ගෙවීමේ පද්ධතිය තහනම් කිරීමේ අවස්ථාව සටහන්ව ඇතැයිද එම මාධ්‍ය සඳහන් කරයි. යුරෝපා සංගමය සහ එක්සත්

මේ අතර ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් රුසියානු මහ බැංකුව මෙම තහනම් හේතුවෙන් රටෙහි බැංකු පද්ධතිය වෙත අනතුරක් සිදු වන බවට බිය නොවන ලෙසද ජනතාවගෙන් ඉල්ලා තිබුණි.

මේ අතර රුසියාව සඳහා වන SWIFT ගෙවීම් පද්ධතිය තහනම් කිරීමත් සමගින්ම ඊයේ දිනයේ සිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළ යාමක් සිදුවිය.

ඒ අනුව අද පෙරවරු 9.30 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.6ක් දක්වා ඉහළ නැග තිබුණි. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.33ක් බවට පත්ව තිබුණි.

මේ අතර ඉදිරි පැය 24ක කාලය ඉතාමත් තීරණාත්මක බව රුසියානු ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා සිටියි.

Visits: 134