විනිසුරු කේ ශ්‍රී පවන් කොමර්ෂල් බැංකු සභාපති ධුරයෙන් විශ්‍රාම යයි

කොමර්ෂල් බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ශ්‍රීපවන් මහතා එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වයෙන් සහ සභාපති ධුරයෙන් ඉවත්වන බව බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව හෙට (2022 මාර්තු 01 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුවීමට නියමිතව තිබේ.

එම දිනය වනවිට විනිසුරු කේ. ශ්‍රීපවන් මහතාගේ වයස අවුරුදු 70ක් සම්පූර්ණ වීම මේ සඳහා හේතුව බව කොමර්ෂල් බැංකුව සඳහන් කර සිටියි.

විනිසුරු කේ ශ්‍රීපවන් මහතා කොමර්ෂල් බැංකුවෙහි සභාපතිවරයා ලෙස පත් කෙරුණේ 2020 දෙසැම්බර් මාසයේදීය.

මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වනවිට විනිසුරු කේ ශ්‍රීපවන් මහතා සතුව කොමර්ෂල් බැංකුවෙහි කොටස් 14,319ක හිමිකාරීත්වයක් සහිත බවත් බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 96