Galaxy S22 කාණ්ඩයේ ස්මාට්ෆොන් තුනක් සහ Galaxy Tab S8 කාණ්ඩයේ ටැබ් තුනක් එළිදකී

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම සිය සැම්සුන් Galaxy උපාංග අතර දැනට ප‍්‍රබලතම උපාංග කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S යටතේ Galaxy S22 කාණ්ඩයේ ස්මාට් දුරකතන තුනක් සහ Galaxy Tab S8 කාණ්ඩයේ tablet තුනක් එළිදැක්වීම online තාක්ෂණය ඔස්සේ පසුගියදා සිදු කළ බව පවසයි.

එහිදී මෙම Galaxy S22 කාණ්ඩය මගින් මෙතෙක් හඳුන්වා දෙන ලද Galaxy smartphones වලට වඩා ඉහළම ක‍්‍රියාකාරීත්වයක් ලබා දීම සුවිශේෂී වේ. මෙහි ඇති image sensor මෙයට පෙර හඳුන්වා දෙන ලද smartphones කාණ්ඩයට වඩා විශාල වන අතර අද්විතීය AI තාක්ෂණය මත පදනම් වූ Nightography වැනි නවීනතම කැමරා විශේෂාංග ද මෙම Galaxy S22 කාණ්ඩයට ඇතුළත්ය.

ප‍්‍රථම වරට හඳුන්වා දෙන ලද Galaxy හි 4nm  ප්‍රොසෙසරයකින් ද මෙම smartphones සමන්විත වන අතර අනෙක් tablets වලට වඩා Galaxy Tab S8 කාණ්ඩයේ tablet වල ඇති සුවිශේෂී හැකියාවන් ඔබව පුදුමයට පත් කරනු ඇත.

Smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Galaxy Note හා S කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් S22 Ultra හඳුන්වා දෙන අතරම Galaxy S22 සහ S22+ මගින් නිර්මාණශීලිත්වය නව මානයකට රැගෙන යාමට හා තමන්ගේ පෞරුෂය නිරූපණය කිරීමට පරිශීලකයින්ට අවස්ථාව උදා කරයි. මේ අතර Galaxy Tab S8, S8+ සහ S8 Ultra හි නවීන දෘඩාංග සමඟින් ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වයක් ගෙන එන අතර පරිශීලකයින්ට වැඩ කිරීමේදී හා වීඩියෝ ක‍්‍රීඩාවල නිරත වීමේදී මින් පෙර අත් නොවිඳි නම්‍යශීලීභාවයක් හා නිදහසක් ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් MX (Mobile eXperience) ව්‍යාපාර ප‍්‍රධානී ටී. එම් රෝහ් මහතා පැවසුවේ ”අපගේ smartphone කැමරා මගින් අප නිර්මාණය කරන, share කරන හා සන්නිවේදනය කරන ආකාරය වෙනසකට ලක් කර තිබෙනවා. ඡායාරූප සහ වීඩියෝ හරහා අපි අපගේ අදහස් ප‍්‍රකාශ කරමින් අප ආදරය කරන පුද්ගලයින් සමඟ සම්බන්ධ වනවා. දවසේ ඕනෑම වේලාවක ක‍්‍රියා කරන අළුත්මල නිර්මාණශීලි කැමරා හැකියාවන් සහිත අපගේ නවතම S කාණ්ඩයේ devices නිර්මාණය කිරීමට අප අවධානය යොමු කළේ ඒ නිසයි.’’ යනුවෙනි.

නිර්මාණශීලිත්වය විදහා දක්වන හා තමන්ගේ පෞරුෂය නිරූපණය කරන Galaxy S22 සහ S22+ යන ප‍්‍රධාන devices දෙක සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් මෙහිදී එළිදැක්වීය. ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම සොඳුරු මොහොතක් බවට පත් කිරීම සඳහා advanced intelligent imaging තාක්ෂණය සහිත ක‍්‍රියාශීලී කැමරාවලින් සමන්විතව Galaxy S22 සහ S22+ ඔබ වෙත හඳුන්වා දෙයි. තවද Galaxy S22 සහ S22+ විචිත‍්‍රවත් හා පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

නව S22 කාණ්ඩය සමඟින් පරිශීලකයින්ට සෑම ආකාරයකින්ම ඔවුන්ගේ ජීවිතයට බලපානු ලබන කටයුතු සමඟ සම්බන්ධ වී සිටීමට හැකි වන පරිදි සැම්සුන් නවතම tablets පෙළක් සහ Galaxy Watch4 සඳහා update කළ විශේෂාංග රැසක්ද හඳුන්වා දෙයි.

නව යුගයක සම්බන්ධතාවක් නිර්මාණය කිරීම පිණිස Tab S8, Tab S8+ හා Tab S8 Ultra ලෙස Galaxy Tab S8 කාණ්ඩය සමන්විත වන අතර සැම්සුන් හි මෙතෙක් වඩාත් බහුකාර්ය හැකියාවන්ගෙන් යුතු tablets පෙළ වන්නේ එයයි. රැකියා කටයුතු, අධ්‍යන කටයුතු, වීඩියෝ ක‍්‍රීඩාවල නිරතවන හා නිර්මාණශීීලී කටයුතු කරන පරිශීලකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර තිබේ. තවද, මෙහි OS වසර 4ක් දක්වා update කළ හැක.

Galaxy S22 කාණ්ඩය ළඟදීම ශ‍්‍රී ලංකාව තුළ ඇණවුම් කිරීමට අවස්ථාව හිමි වනු ඇතැයිද සැම්සුන්ග් සමාගම පවසයි.

Visits: 77