ලක්ෂපාන බැටරීස් පීඑල්සී වෙතින් ශත 75ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම (LITE.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණයකර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 75ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 25 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 04 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම අවසන් වරට සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ලබාදීමක් පසුගිය වසරේ මැයි මාසයේදී සිදුවිය. එහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1ක් බැගින් ලාභාංශ ගෙවීම සිදුවිය. එය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද විය.

Visits: 68