සොෆ්ට්ලොජික් ලයිෆ් CMA ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගනී

සොෆ්ට්ලොජික් ලයිෆ් 2021 CMA ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී සිය වාර්ෂික වාර්තාව සඳහා වන සමස්ත රන් සම්මානය දිනා ගැනිමට සමත් වූ බව පවසයි. ‘One Lankan’ යන තේමාව යටතේ මෙම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම ගෞරවාන්විත සම්මානය දින ගත් ළාබාලතම ශ‍්‍රී ලාංකික සමාගම බවට පත් වෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් නව සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.

මෙම සමස්ත රන් සම්මානයට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් තවත් සම්මාන තුනක් දිනා ගත් අතර එයට විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාව – රක්ෂණ අංශය, විශේෂ සම්මානය-ඒකාබද්ධ චින්තනය සහ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඒකාබද්ධ වාර්ෂික වාර්තා පහෙන් එකක් වීම ආදී සම්මාන ඇතුලත්ය. තවද, සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා CMA CFO විශිෂ්ටතා සම්මානය සමඟින් පිළිගැනීමට ලක් වීම මෙහි සුවිශේෂී සිදු වීමක් විය.

ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ඒකාබද්ධ චින්තනය හා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පොදු සමාගම්, පෞද්ගලික හා රාජ්‍ය ව්‍යාපාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඇතුළු ශ‍්‍රී ලංකා ව්‍යාපාරික ආයතන ඇගයීමට ලක් කරයි.

2013 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද ‘International <IR> Framework’ වැනි ගෝලීය මිනුම් සලකුණට අදාල මාර්ගෝපදේශ භාවිතා කරමින් මෙම ඒකාබද්ධ වාර්තා තක්සේරුවට ලක් කෙරේ. මෙම තක්සේරුව ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පිළිබඳව පමණක් නොව <IR> වෙත ලබා දී ඇති මූල්‍ය නොවන තොරතුරු පිළිබඳව සලකා බලනු ලබයි. මේ සඳහා සමාගම් 41ක් අයදුම් ඉදිරිපත් කර තිබූ අතර ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවන්ගෙන් සැදුම්ලත් ප‍්‍රවීන හා කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසින් ඒවා අධ්‍යයනය කරන ලදී.

මෙම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වන සොෆ්ලොජික් ලයිෆ් හෝල්ඩින්ග්ස් සභාපති අශෝක් පතිරගේ මහතා ‘‘2021 CMA ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී අප ලබා ගත් කැපී පෙනෙන ජයග‍්‍රහණයන් මූල්‍ය වාර්තාකරණයෙදී ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපගේ දැඩි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්.’’ යනුවෙන් පැවසුවේය.

සොෆ්ට්ලොජික් ලයිෆ් ලබා ගත් මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වන මින් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘ව්‍යාපාරික ආකෘතිවලට කොවිඞ් වසංගතයෙන් ඇති වූ දැඩි බලපෑම නිසා වාර්තාකරණ ක‍්‍රමෝපායන් පිළිබඳව නැවත සිතා බැලීමට අවශ්‍යයි. මෙවැනි පෙර නොවූ විරූ කාලවල මූල්‍ය තොරතුරු මඟින් පමණක් ආයතනවලට සහ ආයතනික කළමනාකරණයට කොවිඞ්-19 මගින් ඇති කළ බලපෑම් ප‍්‍රමාණවත් ලෙස අවබෝධ කරගත නොහැකියි. එවැනි පසුබිමක් තුළ ඒකාබද්ධ වාර්තාකරණය මඟින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පරිපූර්ණ දෘෂ්ටියක් සහ වටිනාකම නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලීන් පිළිබඳ නිවැරදි ආදර්ශයක් සපයනු ලබනවා..’’ යනුවෙන් පැවසුවේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා පැවසුවේ ‘‘ඉහළ මට්ටමේ පාර්ශවකරුවන්ගේ කළමනාකාරීත්වයක් පවත්වාගෙන යාම සහ යහ පාලනය සහතික කිරීමට, මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය සහ වගවීම සඳහා අපගේ කැපවීම උදෙසා රක්ෂණ ක්ෂේත‍්‍රයේ අපව ඉහළටම ඔසවා තැබූ මෙම සම්මානය ලැබීම ගැන අප සැබවින්ම සතුටට පත් වනවාx’’ යනුවෙනි.

Visits: 83