දුලිත්ගේ JAVA Lounge මහනුවරට සහ පැලවත්තට – තවත් ස්ථාන සඳහා ඡන්ද විමසීමක්

මෙරට විශාලතම ඉ-වාණිජ්‍ය වෙබ් අඩවිය වන Kapruka.com හි නිර්මාතෘ දුලිත් හේරත් විසින් පවත්වාගෙන යන කෝපි අවන්හල් ජාලයක් වන JAVA Lounge හි මීළග ආපනශාලා දෙක මහනුවරදී සහ පැලවත්තේදී විවෘත කෙරෙන බව පවසයි.

ඒ අනුව බොහෝ දුරට මෙම ආපනශාලා ලබන මාසයේදී විවෘත වනු ඇතැයි දුලිත් හේරත් සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් සඳහන් කර තිබේ.

අද වන විට රට පුරා ස්ථාන 11කදී මෙම JAVA Lounge කෝපි අවන්හල් ස්ථාපිත කර තිබේ.

මීට අමතරව මේ වසර තුළදී තවත් මෙවැනිම වු JAVA Lounge කෝපි අවන්හල් කිහිපයක්ම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව පවසන හේරත් මහතා, ඒ සඳහා කැමති ස්ථාන නම් කරන ලෙසද සිය පරිශිලකයන්ගෙන් ඉල්ලා සිටියි.

එහිදී ඔහු ස්ථාන කිහිපයක් ඉදිරිපත් කරමින් ඊට ඡන්දය ලබා දෙන ලෙසත් පවසා තිබේ. මීගමුව, කොළඹ පෝර්ට් සිටිය, මාලඹේ සහ ජා ඇල එම ස්ථාන වෙයි.

මෙම ඡන්ද විමසීම තවත් දින දෙකකින් අවසන්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 8.22 වනවිට මේ සඳහා ඡන්ද 570ක් හිමිව තිබුණි.

ඒ අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණය පෝර්ට් සිටි වෙත හිමිව තිබූ අතර එය 39.5%කි. එසේම මීගමුව සඳහා 23.5%ක ප්‍රතිශතයක්ද, මාලඹේ සඳහා 23.3%ක ප්‍රතිශතයක්ද, ජා ඇල සඳහා 13.7%ක ප්‍රතිශතයක්ද හිමිව තිබුණි.  

Visits: 220