SAMSUNG 5G Smartphones කාණ්ඩයකට Dialog හි 5G අත්හදා බැලීම වෙත ප්‍රවේශයට අවස්ථාව

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා හි සහාය ඇතිව සිය Galaxy ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩයකට 5 G තාක්ෂණික පහසුකම් සක‍්‍රීය කළ බව නිවේදනය කර සිටී.

මේ අනුව සැම්සුන් පරිශීලකටයින් දැන් ඩයලොග් හි 5G Trial Network තුළ ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක භාවිත කරමින් 5G තාක්ෂණයෙන් සන්නද්ධ වී සිටින බවත් පවසයි.

සැම්සුන් මෑතකදී 5G හැකියාව ඇති Samsung Galaxy S21 කාණ්ඩයේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra සඳහා ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම අනුව යමින් මෙය සිදු කිරීම විශේෂත්වයකි. මේ වන විට සැම්සුන් Galaxy Z Fold3 හා Flip3 5G, සැම්සන් Galaxy F42 5G, Galaxy A22 5G සහ Galaxy Z Fold2 යන සැම්සුන් ස්මාර්ට් ජංගම දුරකතන 5G තාක්ෂණය සහිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ, කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘ඩයලොග් වෙතින් ලැබෙන විශාල සහයෝගය සමඟින් අපගේ පුළුල් පරාසයක smartphones රැසකට අවසානයේදී 5G තාක්ෂණය හඳුන්වා දීමට ලැබීම ගැන අප සිටින්නේ දැඩි උද්යෝගයෙන්. පහසුව, හැඩය හා තාක්ෂණය ඔබේ අතටම ගෙන එමින් හා 5G තාක්ෂණය මගින් ඔබ වෙත ගෙන එනු ලබන නවතම ප‍්‍රතිලාභවලින් එය සමන්විත වන නිසා සැම්සුන් දැන් අනාගතය සඳහා සූදානම්.’’ යනුවෙනි.

මේ පිළිබඳව අදහස් දක්වන ඩයලොග් ආසියාටා සමූහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා ‘‘අනාගතයේදී ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ අපගේ ප‍්‍රයත්නයේ කොටසක් ලෙස සියලූම Galaxy Z Fold3 හා Flip3 පරිශීලකයින්ට 5G හි අසීමිත හැකියාවන් අත්විඳීමට පහසුකම් සැලසීමට සැම්සුන් සමඟ එක්වීමට ලැබීම ගැන අපට සතුටුයි. මහනුවර, අම්පාර, ගාල්ල, මීගමුව, කටුනායක, පෑලියගොඩ, බියගම, මොරටුව, බේරුවල, වත්තල, නුගේගොඩ, බොරලැස්ගමුව සහ තවත් බොහෝ ප‍්‍රදේශ ඇතුළුව දිවයින පුරා 80කට වැඩි ස්ථාන සංඛ්‍යාවකට ඩයලොග් හි 5G Trial Network තුළ 5G අත්දැකීම විඳ ගැනීමට අපි පාරිභෝගිකයින්ට විවෘතව ආරාධනා කර සිටිනවා.’’ යනුවෙන් පැවසුවේය.

ඔබ flip හෝ fold තෝරා ගත්තද මෙම නවතම Galaxy Z devices දෙක මගින් ඔබ මෙතෙක් අත් නොවිඳි කල් පවතින, සම්බන්ධිත හා පුළුල් foldable අත්දැකීම් ඔබට ලබා දෙයි. මෙම Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G නවතම smartphones ජලයට ඔරොත්තු දෙන තාක්ෂණයෙන් සමන්විත වන අතර Galaxy smartphones සඳහා භාවිතා කරන ශක්තිමත්ම ඇලූමිනියම් වර්ගය වන නව Armor Aluminum වලින් මෙය නිපදවා ඇත. එමෙන්ම එහි තිරය Corning® Gorilla® Glass Victus™ වීදුරුවකින් නිමවා තිබීම හේතුවෙන් දුරකතනයට සිදුවන සීරීම් හා බිම වැටීම්වලින් එය ආරක්ෂා කරයි. මෙම smartphone ද්විත්වයම වැඩිදියුණු කළ protective film එකකින් සහ මනාව විධිමත් කරන ලද ආරක්ෂිත පැනලයක් සමඟ ඔබ වෙත පැමිණේ.

Night mode විශේෂාංගය සහිත 64MP ත‍්‍රිත්ව කැමරාව, 90Hz refresh rate සහිත අඟල් 6.6’’ FHD+ display එක සහ 12 5G bands support තාක්ෂණය වැනි අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත Galaxy F42 5G සුපිරි වීඩියෝ ක‍්‍රීඩා අත්දැකීමක් පරිශීලකයින්ට ලබා දීමට හා වීඩියෝ ක‍්‍රීඩා උසස් තත්වයකට රැගෙන යාම සඳහා නිර්මාණය කර තිබේ.

5G හැකියාව ඇති අනෙක් device එක වන Galaxy A22 5G, ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, gaming සඳහා මනාව ගැළපෙන 90Hz refresh rate වේගයකින් යුත් අඟල් 6.6’’ FHD+ Infinity-V තිරය ආදී විශේෂාංගයන්ගෙන් සැදුම් ලත් ආකර්ෂණීය ස්මාර්ට් ජංගම දුරකතනයකි. ඒ තුළින් පරිශීලකයන්ට සුපැහැදිලි දසුන් නැරඹීමේ නවමු අත්දැකීමක් එක්කරන අතරතුර යන එන අතරතුදී ද ඔවුන් ප‍්‍රිය කරන විශේෂාංගයන් නොනවත්වා නැරඹීමේ පහසුවද අත්කර දෙයි. එමෙන්ම Dolby Atmos තාක්ෂණයෙන් යුත් එහි වයර් සහිත හා bluetooth headsets දෙසවනට මිහිරක් එක් කරන අතර විශිෂ්ට ගීත ශ‍්‍රවනය කිරීමේ හා චිත‍්‍රපට නැරඹීමේ රසවත් අත්දැකීමක්ද පාරිභෝගිකයා වෙත එක් කරයි. නරඹන්නන්ගේ ඇස් අධික ලෙස වෙහෙස වීම පාලනය කිරීමට සමත් එහි තිරයෙහි අන්තර්ගත dark mode තාක්ෂණය ජංගම දුරකතනයේ බැටරියටද වැඩි ආයු කාලයක් එක් කරනු ලබයි.

ශ්‍රී ලංකාව පුරා 5G තාක්ෂණය ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ මුළු දිවයිනම වඩාත් හොඳ ජංගම දුරකතන ජාලයකට සම්බන්ධ වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. ඔබට 5G ජංගම දුරකතනයක් ඇත්නම්, ඔබට වේගයෙන් download කිරීම්, ක්ෂණිකව වීඩියෝ stream කිරීම සහ තවත් බොහෝ පහසුකම් භුක්ති විඳීමට හැකි වනු ඇත. නමුත් 5G යනු වැඩි වේගයක් සහිත තාක්ෂණයක් පමණක් නොව autonomous cars, augmented reality සහ වෙනත් අළුත් හා ආකාර්ෂණීය wireless තාක්ෂණය සඳහා ද පදනම වෙයි. 

Visits: 73