නවසිලන්ත මහකොමසාරිස් මහ බැංකු අධිපති හමුවෙයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලෙටොන් මහතා ඊයේ දිනයේදී මහ බැංකුවේදී තමන් හමු වූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මෙහිදී දෙරට අතර මූල්‍ය සහයෝගිතාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ බව අධිපතිවරයා සඳහන් කරයි.

මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නවසීලන්ත මහකොමසාරිස්වරයා මෙම වසංගත කාලසීමාවේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය මුහුණ දෙන ආර්ථික අභියෝගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සමගින් සාකච්ඡා කළ බව පවසා තිබේ.

2019 වසරේදී ශ්‍රී ලංකාව සහ නවසිලන්තය අතර ද්විපාර්ශ්වක භාණ්ඩ සහ සේවා වෙළෙඳාමේදී නවසීලන්තය ශ්‍රී ලංකාව වෙත අපනයනය කර ඇති භාණ්ඩවල වටිනාකම නවසීලන්ත ඩොලර් මිලියන 413කි. එසේම සේවාවන්හි වටිනාකම නවසීලන්ත ඩොලර් මිලියන 80කි. එම වසරේදී ශ්‍රී ලංකාව නවසීලන්තය වෙත අපනයනය කර ඇති භාණ්ඩවල වටිනාකම නවසීලන්ත ඩොලර් මිලියන 62ක් වන අතර සේවා අපනයනය නවසීලන්ත ඩොලර් මිලියන 23කි.

Visits: 78