“ගුවන්යානා සදහා අවශ්‍ය ඉන්ධන වල කිසිදු හිඟයක් නැහැ” – රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක

දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට  කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

“මේ වන විටත්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඉදිරි මාස එකහමාරකට අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවතී. ගෙවී ගිය සතියේ ද ඩොලර් මිලියන 32ක් ගෙවමින් ඉදිරියට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සදහා ඇණවුම් ලබා දී ඇත. ඉන්ධන මිළ දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු වේ.” අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව මෙරට ගුවන් සේවා සදහා සපයනු ලබන සේවාවන් කිසිවිටකත් අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට තම අමාත්‍යාංශය පියර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 56