ඉහළ ජනප්‍රියත්වය හා අධික ඉල්ලුම හේතුවෙන් SAMSUNG ‘’Upgrade Festival’’ තවත් දීර්ඝ කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් පුළුල් ජනප‍්‍රසාදයක් හිමි කරගෙන සිටින ඔවුන්ගේ Upgrade Festival මේ වන විට එය ලබා ඇති ඉහළ ජනප‍්‍රියත්වය හා අධික ඉල්ලූම හේතුවෙන් 2022 ජනවාරි අවසානය දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව නිවේදනය කර සිටී.

පසුගිය නත්තල් සමයේ පාරිභෝගිකයින්ට සුවිශේෂ දීමනා ලබා දෙමින් මෙරට සියලූම ගෘහෝපකරණ සැම්සුන් සුපිරි තාක්ෂණය වෙත උසස් කිරීමට ආරම්භ කරන ලද මෙම ප‍්‍රවර්ධනය මෙම 2022 නව වසරේදී ද වැඩි පාරිභෝගික ජනතාවකට තම නිවෙස් සුපිරි සැම්සුන් තාක්ෂණයෙන් ඉහළ දැමීම සඳහා තවදුරටත් පුළුල් කර තිබීම කැපී පෙනේ. සියලූම ශ්‍රී ලාංකික ගෘහෝපකරණ සැම්සුන් සුපිරි තාක්ෂණය වෙත උසස් කිරීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව කටයුතු කරනු ඇත.

පසුගිය නොවැම්බර් 5 වන දින දියත් කරන ලද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන දැන් 2022 ජනවාරි 31 දක්වා ක‍්‍රියාත්මක වේ. Samsung Upgrade Festival හරහා රු. මිලියන 140 ක වටිනාකමින් යුත් ත්‍යාග හිමිකර ගැනීමට පාරිභෝගිිකයින්ට හැකි අතර රු.5,000ක් දක්වා වවුචර් පත් මගින් තෝරා ගනු ලබන ගෘහෝපකරණ සඳහා ඔබට ගෙවීම් කළ හැකිය.

එසේම නොමිලේ Sound bar හා මයික්‍රොවේව් වැනි විශේෂ දීමනා පැකේජයක් හිමි කරගැනීමට ද අවස්ථාව ලැබේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා සිටින ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ සැල් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් පාරිභෝගිකයින්ට සුවිශේෂී දීමනා හා පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් සහිත ආකර්ෂණීය ගෙවීම් ක‍්‍රම සමඟින් තමන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ලබා ගත හැකිය.

Upgrade Festival සඳහා සැම්සුන් වෙත ලැබුණු අතිමහත් සුබවාදී ප‍්‍රතිචාර හේතුවෙන් මෙය දීර්ඝ කිරීමට තීරණය කෙරිණි. වවුචර් පත්, විශේෂ දීමනා පැකේජ සහ පහසු ගෙවීමේ ක‍්‍රම වැනි අමතර ප‍්‍රතිලාභ සමඟින් එදිනෙදා ජීවිතය පහසු කරන නව්‍ය නිෂ්පාදන පෙළක් පිරිනමමින් වැඩි පාරිභෝගික ජනතාවකට Upgrade Festival හි ප‍්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව ලබා දීමට ඔවුන්ට අවශ්‍ය වී තිබේ.

Samsung Upgrade Festival හරහා රු. 2,500 සිට රු.5,000 දක්වා වවුචර් පත් මගින් තෝරා ගනු ලබන සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ වායු සමීකරණ සඳහා ඔබට ගෙවීම් කළ හැකිය. එසේම රුපියල් 99,999 වටිනා Sound bar වැනි විශේෂ දීමනා පැකේජයක් තවත් බොහෝ දේ හිමි කරගැනීමට ද අවස්ථාව ලැබේ.

Visits: 96

Leave a Reply

Your email address will not be published. Required fields are marked *