එමිරේට්ස් සමාගම කොළඹ වෙත සිදු කරන ගුවන් ගමන් සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ දමයි

එමිරේට්ස් ගුවන් සමාගම සතිපතා කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව පෙබරවාරි 10දා සිට තවත් 5කින් වැඩි කරන බවත් ඒ සමඟ ශී‍්‍ර ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යන බව නිවේදනය කර ඇත.

එමිරේට්ස් විසින් අළුතෙන් කොළඹට සිදුකරන ගුවන් ගමන් සෑම අඟහාරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින වලදී කි‍්‍රයාත්මක කරන බව සමාගම පවසයි. මේ අනුව, EK654 එමිරේට්ස් ගුවන් ගමන පැය 10.35 ට ඩුබායි ගුවන් තොටුපලින් පිටත් වී පැය 16.25 ට කොළඹට ළඟාවනු ඇති අතර නැවත EK 655 ගුවන් ගමන් කොළඹින් පැය 22.05 ට ගමන් ආරම්භ කර පැය 01.55 ට ඩුබායි වෙත ළඟාවනු ඇත.  

‘ශ‍්‍රී ලංකාව අපිට ඉතාමත් වැදගත් ගමනාන්තයක්. ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ සහ සංචාරක අංශ නැවතත් නගා සිටුවීම සඳහා සහයෝගය ලබාදීමට වැදගත් කාර්ය භාරයක් සිදුකිරීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා පැවසීය.

ශී‍්‍ර ලංකාවට 2021 වසරේදී සංචාරකයින් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණියා. පසුගිය දෙසැම්බර් මාසයේදී සහ මේ ජනවාරි මාසයේදී ශී‍්‍ර ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දිරිගන්වන සුළුයි. කොළඹට ගුවන් ආසන ධාරිතාවය වැඩිකිරීමට කටයුතු කිරීමට හැකිවීම පිළිබඳවද එමිරේට්ස් සතුටු වෙනවා. මෙම අමතර ගුවන් ගමන් තුළින් අපනයන භාණ්ඩ මෙන්ම ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා වැඩි ඉඩකඩක් ද ලැබෙනවා.’

මෙම ගුවන් ගමන් සඳහා එමිරේට්ස් විසින් සිය නවතම Boeing 777-300ER ගුවන් යානා යොදවා තිබෙන අතර පළමු පන්තියේ ගුවන් මගීන්ට පෞද්ගලික කුටි පහසුකම්, ව්‍යාපාරික පන්තියේ මගීන්ට දිගාවිය හැකි සමතල ආසන පහසුකම් සහ ඉකොනොමි පන්තියේ මගීන් සඳහා වඩාත් ඉඩකඩ සහිත ආසන පහසුකම් සලසන පන්ති තුනකින් එම යානා සමන්විත වේ. මෙම අමතර ගුවන් ගමන් මගින් කොළඹට තවත් ආසන 1,780 ක් සතියකට එක්වන බවත් ඩුබායි සහ කොළඹ අතර එක් දිශාවකට සතියකට ටොන් 100 ක අමතර ගුවන් භාණ්ඩ ප‍්‍රමාණයක් එමිරේට්ස් ස්කයිකාර්ගෝ මගින් ප‍්‍රවාහනය කරන බවත් එමිරේට්ස් සඳහන් කරයි.  

කොළඹට පැමිණෙන සහ කොළඹින් යන ගුවන් මගීන් සඳහා එමිරේට්ස් සම්මානනීය සේවාවන් සහ සියළුම පන්තියේ මගීන්ට ලබාදෙන අතර ප‍්‍රණීත ආහාර පාන වලින් සප්පායම් වෙමින් එමිරේට්ස් හි සම්මානනීය සජැ විනෝදාස්වාද පද්ධතියේ පහස විඳීමේ අවස්ථාව ද මගීන්ට හිමිවේ. මෙම විනෝදාස්වාද පද්ධතිය තුළ සිනමා, රූපවාහිනී වැඩසටහන්, ක‍්‍රීඩා, හඬ කැවූ පොත් සහ සංගීතයෙන් පිරුණු නාලිකා 4,500 කට වැඩි ගණනක් භාෂා 40 කට වැඩි ප‍්‍රමාණයකින් ඉදිරිපත් කරයි. 

Visits: 107