LB ෆිනෑන්ස් රු. 3.00ක ලාභාංශ නිවේදනයත් සමග කොටසක අගය 16.21%කින්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම (LFIN.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.00 ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවත් LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන පෙබරවාරි 18 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජනවාරි 27 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ නිවේදනය සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් LB ෆිනෑන්ස් පීල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී LB ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 88.20ක් ලෙස සටහන් විය. ඒ අනුව එය පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 75.90ට සාපේක්ෂව 12.30කින් එනම් 16.21%කින් ඉහළ යාමකි.

Visits: 184