සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් WBA’s 2021 Digital Inclusion Benchmark හි සිව්වන ස්ථානයට

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් World Benchmarking Alliance (WBA) හි 2021 Digital Inclusion Benchmark ශ්‍රේණිගත කිරීමෙහි සමාගම් 150 ක් අතරින් සිව්වන ස්ථානය හිමි කරගැනීමට සමත්ව ඇති බව පසුගියදා නිවේදනය කර තිබේ.

වගකිව යුතු ඩිජිටල් තාක්ෂණික භාවිතය උදෙසා සැම්සුන් හි ස්ථාවර, බහුවිධ කුසලතාවලින් යුත් ප‍්‍රයත්නයන් මෙම ජයග‍්‍රහණයට හේතු වු අතර 2020 දී මෙම ගෝලීය ශ්‍රේණිගත කිරීමේ දසවන ස්ථානයේ සිට 2021 දී සිව්වන ස්ථානය දක්වා පැමිණීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ.

WBA එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පුද්ගලික අංශයේ දායකත්වය පෙන්වීම සඳහා ගෝලීය, කලාපීය සහ දේශීය සංවිධාන 200කට වැඩි සංඛ්‍යාවක් අතර ඇති කරගත් සන්ධානයක් නියෝජනය කරනු ලබයි. මානව හිමිකම්, පරිසරය සහ ඩිජිටල් ඇතුළත් කිරීම් ඇතුළු ප‍්‍රධාන කාණ්ඩ හතක් කෙරෙහි අවධානය යොමු කරමින් WBA සමාගම් අධ්‍යයනය කරනු ලබයි.

WBA සිය ප‍්‍රථම Digital Inclusion Benchmark ශ්‍රේණිගත කිරීම 2020 දී දියත් කරන ලද අතර එමගින් ඩිජිටල් තාක්ෂණයට ප‍්‍රවේශය වැඩිදියුණු කිරීම, ඩිජිටල් කුසලතා ඉහළ දැමීම, විශ්වාසදායක භාවිතය සඳහා දිරි ගැන්වීම සහ විවෘතව හා සදාචාරාත්මකව නව්‍යකරණය කිරීම ආදිය සඳහා සමාගම්වල ප‍්‍රගතිය ඇගයීමට ලක් කළේය.

සැම්සුන් සිය කෘතිම බුද්ධි (AI) ආශ‍්‍රිත ආචාර ධර්ම මූලධර්ම ස්ථාපිත කර ඇති බැවින් සමාගමේ වගකිව යුතු ඩිජිටල් තාක්ෂණික භාවිතය පිළිබඳ ප‍්‍රයත්නයන් ඇගයීමට ලක් වියx තාක්ෂණික සංවර්ධනයේදී සමාජීය සහ වගකීමෙන් යුතු ආචාරධර්ම පිළිබඳව අවධාරණය කිරීමේ වැදගත්කම හඳුනාගෙන සැම්සුන් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම සඳහා AI පිළිබඳ ආචාරධර්ම මූලධර්ම මාලාවක් ස්ථාපිත කළේය.

සියලූම පරිශීලකයින්ට සිය නිෂ්පාදන භාවිතා කිරීමට පහසු වන ආකාරයේ තාක්ෂණයන් සමඟින් ඒවා වැඩිදියුණු කරමින් සිය නිෂ්පාදනවලට ප‍්‍රවේශය ලබා දීම සඳහා සැම්සුන් අඛණ්ඩව උත්සාහ කරයි. WBA විසින් සැම්සුන් හි SeeColors app1 ඇගයීමට ලක් කළේය. එය වර්ණ හඳුනා ගැනීමේ දුර්වලතාවයෙන් පෙළෙන (CVD) පරිශීලකයින්ට සහාය වීමට වර්ණ ගැලපීම් සිදු කරන අතර Samsung TVවල වඩා විධිමත් කළ වර්ණ සමඟින් වඩාත් හොඳ නැරඹීමේ අත්දැකීමක් භුක්ති විඳීමට ද ඔවුන්ට උපකාර කරයි.

සමාගමේ අලූතින් පිහිටුවන ලද ecosystem එක සංවර්ධනය කිරීමට නිර්මාණය කර ඇති කොරියාවේ පිහිටි C-lab Outside වැඩසටහන සමාගමේ සමාජය උදෙසා සිදු කරන ක‍්‍රියාකාරකම් සඳහා විශේෂයෙන් හඳුනාගෙන තිබේx එමෙන්ම ඩිජිටල් අධ්‍යාපනයට සහාය වීමට සැම්සුන් හි කැපවීම ද මෙහිදී පිළිගැනීමට ලක් විය. තවද, සමාගමේ ආයතනික සමාජ සත්කාර (CSR) වැඩසටහනේ දැක්ම ‘Together for Tomorrow! Enabling People’ සමඟින් සැම්සුන් තරුණ ප‍්‍රජාවගේ තිරසාර සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සමාජ දායකත්ව ක‍්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇත. අනාගත තාක්ෂණික ක්ෂේත‍්‍රවල රැකියා අවස්ථාවලට සහාය ලබා දීම සඳහා සැම්සුන් සිය ගෝලීය ආයතනික පුරවැසි වැඩසටහන (Corporate Citizenship Program) වන Samsung Innovation Campus (SIC) ක‍්‍රියාත්මක කරනු ලබයි.

පරිශීලකයින්ගේ ජීවිත වඩාත් තෘප්තිමත් කරන නිෂ්පාදන සහ තාක්ෂණයන් වැඩිදියුණු කරන සමාගමක් ලෙස, සැම්සුන් වගකීමෙන් යුතු ඩිජිටල් භාවිතය ප‍්‍රවර්ධනය කිරීමට කැපවී සිටී. පරිශීලකයින්ට පුළුල් පරාසයක විහිදුනු පහසු සහ අර්ථවත් ඩිජිටල් තාක්ෂණයන් වෙත ප‍්‍රවේශ වීමට සහ භාවිතා කිරීමට වඩාත් පහසු ක‍්‍රම පිළිබඳව සැම්සුන් ඉදිරියටත් අඛණ්ඩව සොයා බලනු ඇත.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Visits: 84