ඇලුමෙක්ස් පීඑල්සී කොටසකට ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇලුමෙක්ස් පීඑල්සී (ALUM.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 20ක්බැගින් ලාභාංශ ගෙවීම සිදුවන බව සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා සමාගම මගින් ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජනවාරි 31 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජනවාරි 10 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ඇලුමෙක්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඇලුමෙක්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 15.90ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ වටිනාකම වූ රුපියල් 15.80ට සාපේක්ෂව ශත 10ක එනම් 0.63%ක ඉහළ යාමකි.

Visits: 131