හේකාර්බ් පීඑල්සී ශත 75ක් බැගින් ලාභාංශ ගෙවීමේ සූදානමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේකාර්බ් පීඑල්සී සමාගම (HAYC.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක් සඳහා තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 75ක මුදලක් ලාභාංශ ලෙස ගෙවන බව එම සමාගම සඳහන් කරයි.

එම ලාභාංශ ගෙවීම 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බවද හේකාර්බ් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2022 ජනවාරි 26 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජනවාරි 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී හේකාර්බ් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 76.20ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ පැවැති රුපියල් 77.10ට සාපේක්ෂව ශත 90ක එනම් 1.17%ක පහත වැටීමකි.

Visits: 161