මහජන බැංකුවේ වේගවත් ඩිජිටල් ණය පිරිනැමිය හැකි ශාඛා ගණන 200 දක්වා ඉහළට

ශ්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත්‍රයේ නිම්වළලු පුඵල් කරමින් ඩිජිටල් බැංකුකරණය හඳුන්වා දුන් මහජන බැංකුව සිය 200 වැනි People’s Wiz Credit පහසුකම ^RLOS) පසුගියදා අතුරුගිරිය ශාඛාවේදී දියත් කරන ලද බව පවසයි.

මහජන බැංකුව සිය ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිමැයුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය විසිහතරක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit හඳුන්වා දෙන ලදිග පුද්ගලික ණයක් ලබාගැනීමේ දී සිදුකළ යුතු කාර්යයන් රැසක් කඩදාසි භාවිතය අවම කරමින් ඩිජිටල් ක්‍රියාවලියක් ඔස්සේ සිදුකිරිම මේ තුළින් සිදුවේග

සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව මෙවැනි ණය අනුමත කිරීමේ සිට ණය මුදාහැරීම දක්වා පියවර 15 ක් පමණ ඇති අතර, ඒ සියල්ල සම්පූර්ණ කර ණය ලබාගැනීම සඳහා මාසයක් හෝ ඊට ආසන්න කාලයක් වුව ගත විය හැක. කෙසේ වෙතත් RLOS පද්ධතිය හරහා පැය කිහිපයකින් ණය මුදල් අනුමත කරවාගත හැකි වන අතර, ණය මුදලේ ප්‍රමාණය හා ලබාදෙන සුරැකුම් මත මෙම කාලය යම් පමණකට වෙනස් විය හැක. 

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල්) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජේවර්ධන, ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම්, කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර ලාල් පීරිස්, ප්‍රධාන කළමනාකාරිනි නාලිකා ලියනගේ, සහකාර ප්‍රාදේශිය කළමනාකරුවන් එන්. ආරෝහණ, සුධර්මා සුභාෂිනි, එම්. සුරියප්පෙරුම සහ ශාඛා කළමනාකාරිනි ඒ.ජී.මනෝරි යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන්, ගනුදෙනුකරුවන් සහභාගී වී තිබේ.

Visits: 54