සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී ශත 35 බැගින් ලාභාංශ ගෙවීම ජනවාරි 25දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක් සඳහා තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 35ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සමාගම පවසා සිටියි.

එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජනවාරි 25 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජනවාරි 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම පවසයි.

Visits: 100