ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට අතහිත දීමට HNB වෙතින් රුපියල් මිලියන 20ක ප්‍රදානයක්

හැටන් නැෂනල් බැංකුව Covid-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට ලක් වූ සිය ජීවනෝපායන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ දරන දිවයින පුරා සිටින ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් සහ ව්‍යාපාර 200 ක් සඳහා රුපියල් මිලියන 20 ක ප‍්‍රදානයක් සිදුකරන ලද බව පවසයි.

HNB හි ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් නගාසිටුවීමේ මෙම කාලෝචිත මැදිහත්වීම, වසංගතයෙන් රට නැවත ගොඩගැනීමට සහය වීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද ‘HNB ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනේ කොටසකි. බැංකුව පසුගිය වසරේ දී මෙහි පළමු අදියර යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 117 දෙනෙකු අතර ප‍්‍රදානයන් ලබා දුන්නේය. ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ HNB මෙම වසරේදී ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 83 දෙනෙකුට ප‍්‍රදානයන් සිදුකිරීමෙන් සහය දක්වනු ලැබීය.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සහ HNB තිරසාර පදනමේ (Sustainability Foundation) සභාපති ජොනතන් අලස් මහතා පැවසුවේ ‘’වසංගතය හමුවේ මානව සහ ආර්ථික පිරිවැය යන දෙකම ඉහළ ගොස් ඇති අතර කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකයින්ට මෙයින් ඉතා දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට සේවා සැපයීමේ දීර්ඝ ඉතිහාසයක් සහ ඒ පිළිබඳව පුළුල් දැනුමක් හා අත්දැකීම් සපිරි බැංකුවක් ලෙස HNB ව්‍යවසායකයින්ගේ අවශ්‍යතාවයන්ට සහය වීමට හැමවිටම සූදානමින් සිමින් සිටිනවා.’’ යනුවෙන් සඳහන් කළේය.

මෙම ප‍්‍රදානයන් තුළින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශය වෙනුවෙන් වූ HNB හි ස්ථිර කැපවීම යළි යළිත් තහවුරු කරමින් ඔවුන්ගේ ව්‍යාපාර නැවත නගාසිටුවීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් සෑම ප‍්‍රතිලාභ ලාභියෙකුටම රුපියල් 100,000 බැගින් ප‍්‍රදානය කරනු ලබයි. HNB හි තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් වසංගතයෙන් සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වූ තෝරා ගත් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් අදියර දෙකක් යටතේ මෙම ප‍්‍රදානය පිරිනමනු ලබයි.

මෙම ප‍්‍රදානය තුළින් ලබා දෙන අරමුදල් මූලික වශයෙන් කොවිඞ් වසංගතයෙන් දැඩි ලෙස පීඩනයට පත්වී ඇති ව්‍යවසායකයිගේ ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරානු ලබයි.

Visits: 69