කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී ශත 25 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (KVAL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා දෙවැනි අතරමැදි ලාභාංශයක් ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස්කරුවන් වෙත කොටසකට රුපියල් ශත 25ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම  බවද සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජනවාරි 26 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජනවාරි 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගෙම් කොටසක වටිනාකම රුපියල් 91.50ක් ලෙස සටහන්ව තිබේ. එය ඊයේ දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 82.50ට සාපේක්ෂව රුපියල් 8.30කින් එනම් 10.06%ක ඉහළ යාමකි.

කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් සමාගම පසුගිය ඔක්තෝබර් මාසයේදී සිය ඡන්ද හිමි කොටස් හිමිකරුවන් සඳහා ශත 70ක් බැගින් ලාභාංශ ගෙවීම සිදුවිය. එය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබාදුන් පළමු අතරමැදි ලාභාංශය විය.

Visits: 155