SLIIT හි ‘SICASH 2021’ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය උත්කර්ෂවත්ව පැවැත්වෙයි

SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය සිය වාර්ෂික ‘විද්‍යා සහ මානව ශාස්ත්‍රවල දියුණුව පිළිබඳව පවත්වනු ලබන SLIIT ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ (SICASH 2021)නොකඩවා දෙවන වරටත් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා පවත්වන ලද බව පවසයි.

SICASH යනු දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල කීර්තිමත් සහ නැගී එන විද්වතුන් සඳහා ස්වභාවික හා සමාජීය විද්‍යාවන්හි විෂය-විශේෂිත සහ විවිධ වූ පර්යේෂණ ප්‍රදර්ශනය කිරීම සඳහා වන වේදිකාවකි.

‘මනුෂ්‍යත්වයේ දියුණුව සඳහා පර්යේෂණ’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයට නීතිය, අධ්‍යාපනය, ස්වභාවික විද්‍යාව, ගණිතය සහ සංඛ්‍යාලේඛන, ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය, හෙද සේවය සහ මනෝවිද්‍යාව යන විෂයයන් හතක් ඇතුළත් විය.

SICASH සම්මන්ත්‍රණයට ඉදිරිපත් කිරීම සඳහා පර්යේෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වීමත් සමඟ පර්යේෂණ ප්‍රජාව තුළ සැළකියයුතු උනන්දුවක් ඇතිවී තිබිණි. සම්මන්ත‍්‍රණයට ඉදිරිපත් කරන ලද පත‍්‍රිකාවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා 150කට අධික පුහුණු විශේෂඥ මණ්ඩලයක් විසින් එය දැඩි සමාලෝචනයකට ලක් කරනු ලැබූ අතර ඉන් ඉදිරිපත් කිරීම සඳහා තෝරාගනු ලබන්නේ ඉහළම ප‍්‍රමිතියේ පත‍්‍රිකා පමණි.

SICASH 2021 හි සමාලෝචනය කරන ලද පත්‍රිකා ඉදිරිපත් කිරීම් 89ක් ඇතුළත් වූ අතර, සහභාගීවූවන්ගේ සිත් අද බැඳ ගනිමින් ඔවුන්ව සංවාද වල නිරත කරමින් ශාස්ත්‍රීය ආයතනවල පර්යේෂකයන් සහ උපදෙස් හා අදහස් සපයන විශේෂඥ මණ්ඩලයක් විසින් වෘත්තිකයන් සමඟ දැනුම හුවමාරු කර ගත්හ.

SICASH හි සැබෑ ශාස්ත්‍රීය විෂයයන් හා වෘත්තීය විශේෂීකරණය ඉස්මතු කරමින් විවිධ විෂය ක්ෂේත්‍රවල මාතෘකා පිළිබඳ අවබෝධයක් සහ උනන්දුවක් ඇති කරවමින් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශන ප්‍රකට දේශකයන් හතර දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලදී.

බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයට (Western Sydney University) අනුබද්ධ සහකාර මහාචාර්යවරයකු වන සිරි ගමගේ මහතා විසින් ‘අධ්‍යාපනය සහ පර්යේෂණ තුළින් දැනුම ගොඩනැගීම හා දකුණු ලෝකයේ යටත් විජිතවාදී ඉදිරි දර්ශනය’ යන මාතෘකා පිළිබඳව සිය ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය. ඇලබාමා විශ්වවිද්‍යාලයේ (University of Alabama) මහාචාර්ය ජේම්ස් කෝචර්න් විසින් ‘උපරිම තත්ත්වයන් යටතේ දත්ත රැස්කිරීමේ දුෂ්කරතා’ පිළිබඳව විස්තර කළේය.

එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ (University of York) ආචාර්ය බිමාලී ඉන්ද්‍රරත්න විසින් ‘භාෂා විද්‍යා පර්යේෂණවල අද්භූත නොවන ප්‍රජාවන්ගේ අඩු නියෝජනය සහ පර්යේෂණ සොයාගැනීම් පිළිබඳ ප්‍රවේශ’ යන මාතෘකාව යටතේ අදහස් දැක්වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාත්මෝ (Swarthmore) විද්‍යාලයේ මහාචාර්ය ජේන් මැරකෙක් විසින් ‘අනාගතයේ කෙටි ඉතිහාසයක්: ශ්‍රී ලාංකික මනෝවිද්‍යාවවයසට පැමිණඇත.’ යන මාතෘකාව පිළිබඳව දේශනය පවත්වනු ලැබූහ.

Visits: 47