ETF සාමාජිකයින්ගේ දරුවන් හට ශිෂ්‍යත්ව ප‍්‍රදානයට මහජන බැංකුව එක්වෙයි

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් තම සාමාජික සාමාජිකයින්ගේ පහ වසර ශිෂ්‍යත්වය විශිෂ්ට ලෙස සමත් දරු දැරියන්ට 9,000කට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා අඛණ්ඩව 11වන වරටත් මහජන බැංකුව සමඟ අත්වැල් බැඳගත් බව පවසයි.

මෙහි පළමු අදියරේ ශිෂ්‍යත්ව 6000ක් සඳහා වන චෙක්පත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශි‍්‍රයාන් ද සිල්වා විජේරත්න මහතා අතින් ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම පසුගියදා අරලිගහමන්දිරයේදි සිදුකෙරිණි.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය ජී. එල් පීරිස්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඞී.පී.ජී ප‍්‍රනාන්දු, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු, කි‍්‍රයාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) ඩබ්ලිව්.ජී.කේ. රත්නායක, සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) එච්.ජී.ඞී.එන් ප‍්‍රසන්න, ශිෂ්‍යත්ව නිලධාරිනි ඩබ්ලිව්. එල්.ඞී කි‍්‍රෂාන්ති, ශිෂ්‍යත්ව අංශයේ එස්.ඒ.ඞී.ආර්.ටී දිසානායක, යන මහත්ම මහත්මීන් සහභාගි වී තිබේ.

Visits: 134