පට්ටිපොළ සංචාරකයා පිළිබඳව ශ්‍රී ලංකා සංචරණයෙන් කරුණු පැහැදිලි කිරීමක්

මෙරටට පැමිණි විදේශීය සංචාරකයෙකු පට්ටිපොළ සංචාරක පහසුකම් මධ්‍යස්ථානය ඉදිරියේ නවත්වා තිබූ ට්‍රොලියක නිදා ගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරුප සම්බන්ධයෙන් කරුණූ පැහැදිලි කිරීමක් සිදු කරන බව ශ්‍රී ලංකා සංචරණය පවසයි.

ඒ අනුව මෙය මෑතකදී ලබාගත් ඡායාරූපයක් නොවන බවත්, දැනට වසර කිහිපයකට පෙර 2018 දී ලබාගත් ඡායාරුපයක් වන බවත් ඔවුන් සඳහන් කරයි. එසේම මෙහිදී සංචාරකයාට කිසිදු ආකාරයක අපහසුතාවක් ඇති නොවී ඇති බවත්, එය සංචාරකයා විසින් සිය සංචාරයේ තවත් අත්දැකීමක් ලෙස සිදු කළ ක්‍රියාවක් බවත් එවකට සංචාරක ඇමතිවරයා වූ ජෝන් අමරතුංග මහතාද පවසා ඇති බවත් ශ්‍රී ලංකා සංචරණය පෙන්වා දෙයි.

“පට්ටිපොල දුම්රිය ස්ථානයේ ට්‍රොලියක විදේශීය සංචාරකයෙක් නිදා සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පසුගිය දින කිහිපයේ සංසරණය වන බව අපගේ අවධානයට ලක් විය.

ඇතැම් අය මෙය “වර්තමානයේ සංචාරක කර්මාන්තයේ කණගාටුදායක තත්ත්වය ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ ද මෙම ඡායාරූපය සම්බන්ධ සත්‍ය තත්ත්වය වන්නේ එය 2018 වසරේදී ගන්නා ලද ඡායාරූපයක් බවයි.

එය සිදු වූ අවස්ථාවේදී එවකට සංචාරක අමත්‍යවරයා වූ ජෝන් අමරතුංග මහතා විසින් සිය ෆෙස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබුණේ එය අසාධාරණ හා පදනම් විරහිත අවලාදයක් බවයි.

ශ්‍රී ලංකා සංචරණය වශයෙන් අපි අපගේ සිය`ඵම පාර්ශවකරුවන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවට පැමිණෙන සිය`ඵම ආකාරයේ සංචාරකයින් හට හොඳම අත්දැකීමක් ලබා දීමට ඉතා කැපවීමෙන් කටයුතු කරන්නෙමු.

එම නිසා මේ ආකාරයේ සිදුවීම් සමාජ මාධ්‍ය හරහා හෝ වෙනත් ආකාරයකට බෙදා ගැනීමට පෙර එහි සත්‍ය අසත්‍ය බව පිළිබඳව සැළකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා සංචරණය වශයෙන් අපි මහජනතතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙලෙස අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම, ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයකට පසුව සංචාරක කර්මාන්තය නැවත නඟා සිටුවීමට අප දරන උත්සාහයන්ට විශාල හානියක් සිදු කළ හැකි වීම ඊට හේතුවයි.

සංචාරක කර්මාන්තය වූ කලි බහුවිධ පාර්ශවකරුවන් සම්බන්ධ වී සිටින දැවැන්ත කර්මාන්තයකි. එනිසා එහි සියළු පාර්ශවකරුවන් හා අදාළ රේඛීය ආයතන මෙන්ම පොදුවේ මහජනතාව ද අපගේ සුන්දර රටට පැමිණෙන සංචාරකයින් හට කිසිදා අමතක නොවන අත්දැකීමක් තිළිණ කිරීමේ දී  වැදගත් වන බව පැහැදිලිය. සෑම සංචාරකයෙක්ම අපේ රටේ ආගන්තුකයෙක් වන අතර ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ විශ්මිත කාලයක් ගත කිරීමට සහ එම අත්දැකීම පිළිබඳව ධනාත්මක අදහස්  බෙදා හැරීම සඳහා ඔවුන්  යොමු කිරීමට  අප සැම එක්ව කටයුතු කල යුතු වේ.” යනුවෙන් ශ්‍රී ලංකා සංචරණය මෙහිදී පවසා සිටියි.

Visits: 172