උසස් ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීමට සැම්සුන් One UI 4 Update හඳුන්වා දෙයි

පාරිභෝගිකයින්ට උසස් ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීම සඳහා සිය smartphones සඳහා One UI 4 තාක්ෂණය නිල වශයෙන් හඳුන්වා දුන් බව සැම්සුන් ශ්‍රී ලංකා මෑතකදී නිවේදනය කළේය.

මෙය පළමුව Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra ඇතුළු Galaxy S21 කාණ්ඩයේ smartphones වලට හඳුන්වා දෙන බව සමාගම පවසයි. පාරිභෝගිකයාට ගැලපෙන පරිදි සකස් කරගත හැකි පහසුකම් (customization options), රහස්‍යභාවය පිළිබඳ විශේෂාංග හා දිනෙන් දින පුළුල් වන සැම්සුන් හි සංකීර්ණ පද්ධතියට (ecosystem) ප‍්‍රවේශය සහිතව, One UI 4 ඔබට පාලනය කළ හැකි උසස් ජංගම අත්දැකීමක් ලබාදෙයි.

ඔබේ අද්විතීය අවශ්‍යතා හා පැහැදිලි ලෙස සඳහන් ඔබේ පෞද්ගලිකත්වය සපුරා ගැනීම සඳහා වෙනස් කරන ලද ජංගම දුරකතන අත්දැකීමක් නිර්මාණය කිරීමට One UI 4 ඔබට හැකියාව ලබා දෙයි. තෝරා ගැනීම සඳහා නව වර්ණ මාලාවකින් යුතු වන අතර ඔබට icon, menu, button හා background සඳහා ඔබේ home screen එකෙහි සෑම දෙයකම පෙනුම හා සංවේදනය (feel) වෙනස් කළ හැකිය.

එමෙන්ම reimagined widgets පහසුකම සමඟ ඔබේ වුවමනාවලට ගැලෙපන පරිදි වෙනස්කම් කරගත හැකි වඩාත් පුළුල් පහසුකම් පවා ලබාදෙයි. ඔබගේ keyboard ඍජුවම ලබාගත හැකි emoji විශේෂාංග, GIFs හා ස්ටිකර්ස් හි පුළුල් මිශ‍්‍රනය මගින් ඔබට උත්සාහයකින් තොරව ඔබ පිළිබඳව ප‍්‍රකාශ කළ හැකිය.

ශක්තිමත් ආරක්ෂණ පද්ධතියක් නොමැති විට රහසිගතභාවයක්  නොමැත. එමනිසා නවතම රහසිගත හා ආරක්ෂිත විශේෂාංග සැම්සුන් One UI 4 සමඟ හඳුන්වාදෙන අතර එහිදී ඔබට පළ කිරීමට හෝ පෞද්ගලිකව තබා ගැනීමට අවශ්‍ය මොනවාද යන්න නිවැරදිව තෝරා ගැනීමට හැකිය. ඔබේ කැමරාවට හෝ මයික්‍රෝෆෝනයට ප‍්‍රවේශ වීමට app එකක් උත්සාහ කරන විට ඔබව දැනුවත් කිරීමේ සිට ඔබේ සියලූම සැකසුම් (settings) හා පාලනයන් (controls) එක් පහසු ස්ථානයකට ගෙන එන නව රහස්‍යතා උපකරණ පුවරුවක් (privacy dashboard) ඇත. One UI 4 සමඟ ඔබේ privacy settings පරීක්ෂා කිරීම හා පාලනය කිරීම පහසුය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකරණ අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘’සැමටම සාධාරණ ලෙස ප‍්‍රායෝගිකව ඉතා ඉක්මනින් ලබාගත හැකි වීශිෂ්ට ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීමට අප කැපවෙනවා. වඩාත් යාවත්කාලීන එක් එක් පුද්ගලයාට අවේණික වූ සහ රහසිගත විශේෂාංගයන්ගෙන් යුත් Galaxy smartphones පරිභෝගිකයන්ට ලබා දීමෙන් One UI 4 එම පොරොන්දුව ඉටු කරනවා. එහෙත් අපි මෙතනින් නවතින්නේ නැහැ. අපගේ ecosystem එක හරහා බාධාවකින් තොර අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව ලබා දෙමින් මෙම software upgrade කිරීම ඉක්මනින්ම අනෙකුත් smartphone හා tablet පරිශීලකයින්ට ද හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

වඩාත් ප‍්‍රබල ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙමින් උපකරණ හා third-party apps සම්බන්ධව සැම්සුන් හි ඇදහිය නොහැකි තරම් විශාල ecosystem එකෙහි බොහෝ දේ ලබා ගැනීමට One UI 4 උපකාරී වේ.

Visits: 63