සියපත ෆිනෑන්ස් හලාවත ප්‍රදේශයේ අධ්‍යාපනයට සහ මාර්ග ආරක්ෂාවට පහසුකම් සලසයි

මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් ආයතනය තමආයතනික වගකීම් වෙත දැඩි අවධානයක් යොමු කරමින් දියත් කෙරුණු සමාජ සුභසාධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන ලෙස රට පුරා පාසල් සහ පොලිස් ස්ථානවල යටිතල පහසුකම් නගාසිටුවීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි පවසයි.

මෙහි නවතම වැඩසටහන හලාවත නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අතර, එහි දී පළමුවෙන් මහලාවත, අඹකඳවිල ශාන්ත රෝගුස් ප්‍රාථමික විද්‍යාලය වෙත අභ්‍යන්තර සන්නිවේදන පද්ධතියක් ලබාදීම සහ පාසල් නාම පුවරුව අලුතින්ම සකස් කොට ස්ථාපනය කිරීම සිදු වී තිබේ.

අඹකඳවිල ශාන්ත රෝගුස් ප්‍රාථමික විද්‍යාලය සිසු සිසුවියන් 700 ක් පමණ අධ්‍යාපනය ලබන පාසලක් වන අතර, එම පාසල වෙත සිදුකෙරුණු පරිත්‍යාගයන් තුළින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සියපත ෆිනෑන්ස් ආයතනයේ අපේක්ෂාවයි.

මෙම වැඩසටහනට සමගාමීව හලාවත  පොලිස් ස්ථානය වෙත මාර්ග ආරක්ෂණ සංඥා පුවරු පරිත්‍යාග කිරීම ද සිදු කෙරිණි. හලාවත ජනතාවගේ මාර්ග ආරක්‍ෂාව කෙරෙහි මෙන් ම, දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු අවම කර ගැනීමට සහමාර්ග විනය පවත්වාගැනීම සඳහා පොලිසිය විසින් සිදුකරනු ලබන සේවය කෙරෙහි අවධානය යොමු කරමින්, ඊට සහයෝගය දැක්වීමේ අරමුණින්  මෙම පරිත්‍යාගය සිදුකෙරුණි.

සියපත ෆිනෑන්ස් ආයතනය මගින් දියත් කළ මෙම සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා “කොවිඩ් 19 වසංගත තත්ත්වය අපේ රටේ දරුවන්ට දැඩි ලෙස බලපා තිබෙනවා. ඒ නිසා ම දරුවන්ට යම් දිරිගැන්වීමක් ලබා දෙමින්, අධ්‍යාපනය සඳහා සුදුසුපසුබිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහාඔවුන්ටඅවශ්‍ය පහසුකම් ලැබිය යුතුබවඅපි විශ්වාස කරනවා.ඒ නිසාමඅපි මේ රටේ අනාගත පරපුර දිරිගන්වමින්, ඔවුන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට මෙම සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහන මගින්  පහසුකම් සලසනවා.”  යනුවෙන් පවසයි.

Visits: 46