රුපියල් 1.50ක ලාභාංශ නිවේදනයත් සමග වැලිබල් වන් කොටසක් රු. 3.40කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැලිබල් වන් පීඑල්සී සමාගම (VONE.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ (06දා) පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන එම සමාගමේ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද වැලිබල් වන් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී අදාළ ලාභාංශ ගෙවීමේ දිනය ලෙස 2022 ජනවාරි 04 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත (XD Date) දිනය ලෙස දෙසැම්බර් 15 වැනිදා නම් කර තිබේ.

මේ අතර එම ලාභාංශ  ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් වැලිබල් වන් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී වැලිබල් වන් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 76.20ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී එම කොටසක වටිනාකම වූ රුපියල් 72.80ට සාපේක්ෂව රුපියල් 3.40ක් එනම් 4.67%ක ඉහළ යාමකි.

Visits: 334