එක්ස්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශනය – ශ්‍රී ලංකා සංචරණයට දැවැන්ත ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රචාරයක්

ශ්‍රී ලංකා සංචරණය එක්ස්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශනය Expo 2020 Dubai තුළ සිය නියෝජනය පිළිබ`දව ලෝකයේ ප්‍රධානතම මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරණයක් හිමි කරගැනීමට සමත් වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එහිදී CNN Arabia, CNBC, SKY, Dubai TV,  Abu Dhabi TV, Sharjah TV වැනි රූපවාහිනී නාලිකාවලට අමතරව Khaleej Times වැනි සඟරා ඇතුළු මුද්‍රිත මාධ්‍ය තුළ ලිපි 40 කට අධික ප්‍රමාණයක් හරහා මේ දැවැන්ත ආවරණය හිමි වී ඇතැයි පැවසෙයි.

මේ අනුව ප්‍රදර්ශනය ආරම්භයේ සිට ගත වූ මාස දෙකක කාලය ඇතුළත හිමි වී ඇති සමස්ත ප්‍රචාරණයේ වටිනාමක ඇමෙරිකානු ඩොලර් 125,000 ඉක්මවන බව ශ්‍රී ලංකා සංචරණය ප්‍රකාශ කර සිටී.

2020 ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය පසුගිය ඔක්තෝම්බර් මස 1 වැනි දින ආරම්භ වුණු අතර 2022 මාර්තු 31 දක්වා එය ක්‍රියාත්මක වනු ඇත. ලෝකයේ පැවත්වෙන දැවැන්තම ප්‍රදර්ශනයක් වන මෙය අක්කර 1083 ක භූමි භාගයක් පුරා විසිරෙන අතර ලෝකයේ රටවල් 192 ක් උපරිමයෙන් සිය අභිමානය ප්‍රදර්ශනය කිරීමට වෙර දරන ඉසව්වකි.

මේ සඳහා අධි තාක්ෂණය හා විශාල ප්‍රමාණයේ මණ්ඩප යොදා ගැනීම මේ ප්‍රදර්ශනයේ කැපී පෙනෙන අංගයන්ය. අවම සම්පත් ඇතිව වුවත් ශ්‍රී ලංකාව බොහෝ රටවල් අභිබවා සිය වර්ග මීටර 212 ක කුඩා ඉඩ ප්‍රමාණය දැවැන්ත ආකර්ෂණයක් හිමිවන ආකාරයට යොදා ගෙන තිබීම ප්‍රශංසනීයය.

ප්‍රදර්ශනය ආරම්භයේ සිට නොවැම්බර් 28 වැනි දින දක්වා ශ්‍රී ලංකා මණ්ඩපය වෙත පැමි‚ නරඹන්නන් පිරිස 30000කට ආසන්න විය.  ඩුබායි එක්ස්පෝ හි ‘Opportunity’කලාපයේ පිහිටා ඇති ශ්‍රී ලංකා මණ්ඩපය මේ සාර්ථකත්වය අත්පත් කරගත්තේ විවිධ බාධක හා අභියෝග රැසක් මධ්‍යයේ වීම මෙහි වැදගත්කම තවත් තීව්‍ර කරන බව පැවසිය යුතුය.

ශ්‍රී ලංකා මණ්ඩපය නිර්මාණය වන්නේ ශ්‍රී ලංකා රජයේ ආයතන 8 ක සාමූහික ප්‍රයත්නය හරහාය. ශ්‍රී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා වරාය නගරය, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සහ අබුඩාබිහි සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිතුමා මේ සාමූහික ප්‍රයත්නයේ කොටස්කරුවන් විය. ශ්‍රී ලංකා සංචරණය මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන අතර අනෙකුත් ආයතන සිය විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන ආකාරයට ශ්‍රී ලංකා සංචරණය හා හවුල්කාරීත්වයෙන කටයුතු කරයි. සංචාරක පැතිකඩක් ආවරණය කරන අවස්ථාවලදී ශ්‍රී ලංකා සංචරණය එහි වගකීම දැරූ අතර ආයෝජනය හා සම්බන්ධ අවස්ථාවන්වලදී කොළඹ වරාය නගරය සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය එහි මූලිකත්වය දැරීය.

අවස්ථාවන් නිර්මාණය කිරීම
සංචරණ සහ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් හට ශ්‍රී ලංකා මණ්ඩපයට පැමිණෙන අමුත්තන් සමඟ නව සම්බන්ධතා ඇති කර ගැනීමට සහ ගෝලීය ප්‍රදර්ශනයකට සහභාගීවීමේ පරමාර්ථය වන නව වෙළඳපල අවස්ථා ලබා ගැනීම සදහා මාර්ග සලසා තිබූ අතර එය සම්පූර්ණ ප්‍රදර්ශන කාලය පුරා චක්‍රව ක්‍රියාත්මක වනු ඇත. ඊට අමතරව 2022 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත B2B සංසදයක් හරහා සංචරණ සහ සංචාරක කර්මාන්තයේ නියෝජිතයින් හට මැදපෙරදිග සහ අනෙකුත් ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් හා සම්බන්ධ වීමටත් උපායමාර්ගික ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමටත් අවස්ථාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකා මණ්ඩපයේ වෙළඳ ප්‍රදර්ශන කුටියේ සිය නියෝජනය සිදුකළ ශ්‍රී ලාංකික සමාගම් හට සාර්ථකව නව සබඳතා ගොඩනඟා ගැනීමටත් ව්‍යාපාර අවස්ථාවන් උදා කරගැනීමටත් හැකි වී ඇති අතර එයින් සමාගම් දෙකකට මණ්ඩපය හරහා ලැබුණු පාරිභෝගික ප්‍රතිචාර අනුව ඩුබායි වෙළඳපොලට පිවිසීම පිළිබඳව සළකා බැලීමට හැකියාව ලැබී ඇත.

“ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වූ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා මණ්ඩපය තුළ පිහිටුවා තිබූ වෙළඳ කුටිය නිසා අපේ නිෂ්පාදන සාර්ථකව ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සළසා තිබූ බව පැවසිය යුතුයි. ඒ නිසා අපට අපේ නිෂ්පාදන පිළිබඳව උනන්දුවක් දක්වන ගැනුම්කරුවන්, ඛෙදා හරින්නන් හා තොග ගැනුම්කරුවන් රැසක් සමඟ සම්බන්ධතා ඇති කරගැනීමටත්, මැද පෙරදිග වෙළඳපොළ පිළිබඳව විස්තර ලබා ගැනීමට හා අධ්‍යයනය කිරීමටත් හැකි වුණා˜ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් මැක්සන් පේන්ට් ඉන්ඩස්ට්‍රීස් හි අපනයන කළමනාකරු අහමඩ් මොහ්සීන් මහතා පැවසීය.

“අපට විශාල පරාසයක ගනුදෙනුකරුවන් හමු වීමටත්, මැදපෙරදිග, ඉන්දියානු හා යුරෝපීය වෙළඳපොල පිළිබඳව තවදුරටත් අත්දැකීම් හා දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබුණා. ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වීම හරහා අපි ලද මේ අත්දැකීම් නිසා අපට අනාගත සාර්ථකත්වය වෙනුවෙන් නව දොරටු ගණනාවක් විවෘත වී තිඛෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සංවිධායකයින්ට ස්තූතිවන්ත වෙනවා˜ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛතම ශ්‍රී ලාංකික සමාගමක් වන ක‍ක‍ෘත‍ සමූහයේ ව්‍යාපාර සංවර්ධන හා ක්‍රමෝපායික සැළසුම් අංශයේ සාමාන්‍යාධිකාරිණී සචිනි ද ෆොන්සේකා මෙනෙවිය පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින්ට ලැබුණු අවස්ථාවන්
තේ හා මැණික් ක්ෂේත්‍රවල නම් දැරූ දැවැන්ත සන්නාමයන් සමඟ එකට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටද අවස්ථාව හිමි වීම සුවිශේෂීය. අත්කම් කුටියේ සිය නිර්මාණ ප්‍රදර්ශනය කළ වේවැල් නිර්මාණකරුවන් හා බතික්, රූකඩ හා පිත්තල නිර්මාණකරුවන්ට විශාල ආකර්ෂණයක් හිමි වූ අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු වෙතට බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඉදිරි මාස කිහිපය තුළදී මේ ප්‍රදර්ශන කුටි වල  දේශීය ආයුර්වේද නිෂ්පාදන හා දේශීය සාරයන් මුසු කළ සබන් වැනි නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට නියමිත වන අතර එම නිෂ්පාදන සඳහාද විශාල ආකර්ෂණයක් හිමි වනු නොඅනුමානය.

වෙළඳ කුටිවල සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා එක් එක් නිෂ්පාදකයා හට නිශ්චිත කාල සීමාවක් හිමිවන අතර මාරුවෙන් මාරුවට ප්‍රදර්ශනය කිරීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති නිසා නිෂ්පාදකයින් වැඩි පිරිසකට අවස්ථාව ලබා දීමට හැකි වී ඇත. එමෙන්ම ලක්සල වෙත ශ්‍රී ලංකා මණ්ඩපයෙන් පිටත වෙනම කුටියක් ලබා දී ඇති අතර ඒ හරහා සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා නිර්මාණය වෙත විශාල නරඹන්නන් පිරිසකගේ අවධානය ලබා ගැනීමට හැකි වී ඇත.

ඉසව් සහ වැඩසටහන්
ශ්‍රී ලංකා මණ්ඩපය තවත් ආකර්ෂŒය කළ අංගයක් වූයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය විදහා දක්වන වැඩසටහන් පෙළයි. ඊට දේශීය ඛෙර වාදන අංගයන්, නාටකීය හා නැටුම් ගැයුම් වැඩසටහන්, සාම්ප්‍රදායික නර්තන අංගයන් ආදී වැඩසටහන් රැසක් අයත් වූ අතර මේ හරහා ශ්‍රී ලංකා මණ්ඩපය වෙත විශාල කලඑළියක් එක් වූ බව සඳහන් කළ යුතුය.

ජනප්‍රිය සූපවේදී දර්ශන් මුනිදාස මහතා සහභාගී වූ ශ්‍රී ලාංකික ආහාර, මුහුදු ආහාර හා කු`ඵබඩු කේන්ද්‍ර කරගත් විශේෂ සූප වැඩසටහනක් පැවත්වුණු අතර එයටද දැවැන්ත ආකාර්ෂණයක් හිමි වනු දැකගත හැකි විය.

ශ්‍රී ලංකා මණ්ඩපය ඇගයූ විශේෂ අමුත්තන්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් රාජ්‍ය අමාත්‍ය, අබුඩාබි ගෝලීය වෙළඳපොලේ විධායක සභාපති වන ගරු අහමඩ් අලි අල් සායෙග් මහතා, ජර්මානු ආර්ථීක සම්බන්ධීකරණ හා සංවර්ධන ෆෙඩරල් අමාත්‍ය ගර්ඩ් මලර් මහතා, මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථා නායක මොහමඩ් නෂීඩ් වැනි විශේෂ අමුත්තන් ශ්‍රී ලංකා මණ්ඩපය තුළ කාලය ගත කරමින් ඇගයීමට ලක් කිරීම සියල්ලන් දිරිමත් කළ අවස්ථාවන් විය.

දෙසැම්බර් වැඩසටහන්

ශ්‍රී ලංකා මණ්ඩපය තුළ සංවිධානය වීමට නියමිත මීළඟ දැවැන්ත ඉසව්ව වන්නේ දෙසැම්බර් 21 වැනි දින පැවත්වීමට නියමිත ශ්‍රී ලංකාව ආකර්ශŒය මංගල ගමනාන්තයක් ලෙස ප්‍රදර්ශනය කරන ‘Wedding Fantasy’ ඉසව්වයි. ඊට අමතරව දෙසැම්බර් 24 වැනිදා zළමා පොත් කියවීම්Z වැඩසටහනක් පැවත්වෙන අතර එය කීර්තිමත් ශ්‍රී ලාංකික ළමා කතුවරියක් වන සිබිල් වෙත්තසිංහගේ මහත්මියගේ —අව්වයි වැස්සයි නරියාගේ මඟු‍ලයි˜ කෘතිය මුල් කරගෙන සිදු වනු ඇත.

මේ සියල්ලටම අමතරව මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රවර්ධන වැඩසටහනක් හා දිනුම් ඇදීමක් දෙසැම්බර්  – ජනවාරි මාසවල පැවත්වීමට නියමිත වන අතර එයටද අතිවිශාල ආකර්ෂණයක් හිමි වනු ඇතැයි අපේක්ෂිතය.

Visits: 147