මොනිෂා ඒබ්‍රහම් සිලෝන් ටොබැකෝ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමෙහි නව කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස මොනිෂා ඒබ්‍රහම් පත් කර ඇතැයි එම සමාගම පවසයි. පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිට මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙතෙක් කලක් එම ධුරයේ කටයුතු කළ නෙඩාල් සලීම් පසුගියදා එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස මොනීෂා පත් කෙරුණු බව සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී පවසයි.

මෙම ධුරයට පත්විමට පෙරාතුව මොනීෂා Heineken International පූර්ණ හිමිකාරීත්වය සහිත Ibecor සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය. අලෙවි කළමනාකාරිනියක ලෙසින් මොනිෂා Heineken Dubai හා සම්බන්ධවී ඇත්තේ 2005 වසරේදීය. වසර දෙකක පමණ කෙටි කාලයකදී ඇය එම සමාගමෙහි ගල්ෆ් කලාපයේම අලෙවි කළමනාකාරිනිය බවට පත්වූවාය.

ඒ අනුව ඇය පුරා වසර 16ක කාලයක් Heineken International හි සේවය කර තිබේ. එහිදී ඇය ලොව රටවල් පහකදී එකිනෙකට වෙනස් කළමනාකාරණ ධුර දරා තිබේ. නෙදර්ලන්තය, ලෙබනනය, වියෙට්නාමය යන රටවල්ද ඊට ඇතුළත් වෙයි. ඇය එලෙස Heineken International යටතේ සේවය ලබා දුන් අවසන් රට වන්නේ බෙල්ජියමයි. ඒ අනුව ඇය 2019 වසරේදී Heineken International වෙත 100%ක හිමිකමක් සහිත Ibecor හි කළමනාකාර අධ්‍යක්ෂවරිය වූවාය.

Visits: 208