රට වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති බිබිසි නියෝජිතයන්ට කියයි

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහිදී විශේෂයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කරයි.

මේ දිනවල මෙරටට පැමිණ සිටින බිබිසි ආයතනයේ දකුණු ආසියානු කළමණාකරු රාහුල් සූඩ් හා දකුණු ආසියාවේ අලෙවි අධ්‍යක්ෂක විෂාල් භාට්නගර් යන මහත්වරු පසුගිය සිකුරාදා (03) සිය අමාත්‍යාංශයේ දි හමු වු අවස්ථාවේ දි ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.

මෙහිදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා බිබිසි ආයතනයේ නියෝජිතයන්ගෙන් කටුනායක ගුවන්තොටුපළෙහි තත්ත්වය පිළිබද විමසා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වා ඇති  රාහුල් සුඩ් මහතා ප්‍රමාදයකින් තොරව ගුවන්තොටුපළේ කටයුතු සිදු වු බව පවසා තිබේ. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට රට පිළිබද පළමු හැගිම ඇතිවන ස්ථානය ගුවන්තොටුපළ බැවින් එහි කටයුතු කාර්යක්ෂම ව සිදුවිම ඉතා වැදගත් බව ද ඔහු පවසා තිබේ.

මේ අතර කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන බවත් ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පවසා ඇත. එය 2023 වන විට අවසන් කිරිමට අපේක්ෂා කරන බවත් එවිට වාර්ෂිකව ගුවන් මගින් මිලියන 15 ක් හැසිරවිය හැකි පරිදි පහසුකම් සැලසෙන බවත් ඇමතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකයේ සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ බිබිසි නියෝජිතයන් ඒ සදහා සිය සහාය පළ කිරිමට ද එකගතාවය පළ කර තිබේ. මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය ද සහභාගි වී තිබේ

Visits: 46