ලංකා ප‍්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ නිල ඩිජිටල් මාධ්‍ය විකාශන සහකරු ලෙස Daraz පත් කෙරේ

ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අනාගත අභිවෘද්ධිය අරමුණු කරගෙන පැවැත්වෙන දෙස් විදෙස් සුවහසක් ක‍්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් “ලංකා ප‍්‍රිමියර් ලීග් 2021″(LPL)තරගාවලියේ “නිල ඩිජිටල් මාධ්‍ය විකාශන සහකරු”ලෙස Daraz පත්ව ඇති බව පසුගියදා නිවේදනය කෙරිණ.

2021 දෙසැම්බර් මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය ශක්තිමත් කරමින් Daraz විසින් සහයෝගී අනුග‍්‍රාහකත්වයක් ද (Associate Sponsor) ඉදිරිපත් කොට තිබේ.

“ලංකා ප‍්‍රිමියර් ලීග් 2021″තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ සජීවීව නොමිලේ නැරඹීමේ පහසුකම Daraz Live වෙතින් හිමිවේ. ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳසැල ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගත් Darazවිසින් විනෝදාස්වාදය ලබමින් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩසලසා දෙන“shoppertainment”තේමාව යටතේ පසුගිය සැප්තැම්බර් මාසයේදී හඳුන්වා දුන් Daraz Live ශ්‍රී ලංකාවේ ප‍්‍රථම live stream පහසුකම සහිත අන්තර්ජාලගත පාරිභෝගික අවකාශය ලෙස කැපී පෙනෙයි.

Daraz Sri Lanka අලෙවි අංශ ප‍්‍රධානී හේෂාන් පෙරේරා “ලංකා ප‍්‍රිමියර් ලීග් 2021″තරගාවලිය සහ Darazදායකත්වයන් පිළිබඳ අදහස් දක්වමින් “ශ්‍රී ලාංකිකයන් කවදත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආදරය කළ, ජීවන රටාව තුළට ක‍්‍රිකට් සම්බන්ධ කරගත් උද්යෝගිමත් පිරිසක්. ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන්ට නවතම අත්දැකීමක් සමීප කරමින් අපේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දියුණුවට අත්වැලක් වෙමින් LPL තරගාවලියට Darazසහයෝගීතාවය එක් කරන්නට අප කටයුතු කළා. OTT platformඑකක් ඔස්සේ සජීවීව තරග නැරඹීමේ හැකියාව හිමි කරදෙන Daraz Live සමග අපගේ පාරිභෝගිකයන්ට වඩාත් පහසු මාධ්‍යයක් ඔස්සේ තමන්ගේ එදිනෙදා ජීවිතයට ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ උද්වේගකර හා උණුසුම් අවස්ථා සජීවී ආකාරයෙන් සමීපව තබා ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.”යැයි පැවසීය.

LPL තරගාවලියේ නිල ජාත්‍යන්තර මාධ්‍ය විකාශන අයිතිය හිමි IPG Group වෙනුවෙන් අදහස් දැක්වූ එහි ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා “දිනකට 350,000 කට අධික පාරිභෝගික සංඛ්‍යාවක් භාවිතා කරනු ලබන Darazඅවකාශයට LPLතරගාවලියේ ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය ලබාදීමට අප කටයුතු කළේ වැඩි ශ්‍රී ලාංකික පිරිසක් තරගාවලිය වටා එක් කරගැනීමේ අපේක්ෂාවෙන් ඉමහත් විශ්වාසයකින්. නව්‍යකරණයේ ජවය සමග ක‍්‍රීඩාවේ උද්යෝගිමත්බව මහජනතාව වෙත සමීප කරන IPG Groupඅප හට Darazසමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වෙනවා.”යැයි පැවසීය.

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ විදේශ තරග සංචාරයන් සඳහා අනුග‍්‍රාහකත්වය සපයන Darazමෙවර පැවැත්වෙන ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ද අනුග‍්‍රාහකත්වය දක්වන්නේ Darazක‍්‍රීඩාව හා බැඳුනු උද්යෝගිමත් සන්නාමයක් ලෙස ජනතා සිත් සතන් තුළ ස්ථාපිත කිරීම ද අරමුණු කරගනිමිනි. විනෝදාස්වාදය හා නව්‍යකරණයේ ජවය සපිරි Daraz Live සමග LPL ක‍්‍රිකට් උණුසුම විඳගන්නා ක‍්‍රීඩාලෝලීන් කෙරෙහි Daraz සන්නාමය පිළිබඳ තවදුරටත් හෘද්‍යාංගම ලැදියාවක් ඇතිවනු ඇත.

ශ්‍රී ලාංකික ජනතාවගේ ප‍්‍රියතම ක‍්‍රීඩාව ලෙස දැවැන්ත සමාජ ආකර්ෂණයක් හිමි ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරෙන ලංකා ප‍්‍රිමියර් ලීග් 2021″අන්තර්ජාතික මට්ටමේ දේශීය තරගාවලිය හා සමගාමීව Darazඩිජිටල් අවකාශයේ දියත් කෙරෙන live stream විකාශය සමග මිලියන ගණනාවක නව පේ‍්‍රක්ෂක සමූහයක් එක්වේ. ඩිජිටල් අවකාශයක් තුළ ඉහළ පාරිභෝගික අවධානයක් දිනාගැනීමට ඉඩහසර වෙන් කරන LPL 2021Live Stream ශ්‍රී ලාංකීය සන්නාමයන් වෙත දැන්වීම්කරණයෙහිලා හිමිවන අනගි අවස්ථාවකි.

Visits: 47