රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවට එයාර්ටෙල් 4G තාක්ෂණය අත්විඳීමට දැන් අවස්ථාව

එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා දියත් කරන ලද ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉදිකළ නව 4G සන්නිවේදන කුළුණේ වැඩකටයුතු අවසන් කළ බව නිවේදනය කර සිටියි.

මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ උළුපිටිය ප‍්‍රදේශයේ අලූතින් ඉදි කළ 4G කුළුණ මඟින් වර්ග කිලෝමීටර් 91 ක ප‍්‍රදේශයක් ආවරණය කරන අතර එම ප‍්‍රදේශයේ ජීවත් වන 12,219 ක ජනතාවට අතිශයින් වැඩිදියුණු කළ එයාර්ටෙල් ජාල ආවරණ පහසුකම් සලසයි. දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රජාවන් ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම මගින් සෑම පුද්ගලයෙකුම ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සමඟ සම්බන්ධ කරමින් වඩාත් ඵලදායිව ඒවා සිදු කරගැනීමට සහ බාධාවකින් තොර අඛණ්ඩ දුරස්ථ ඉගෙනුම් හා නම්‍යශීලී සේවා අවශ්‍යතා සඳහා සහාය වීම අරමුණු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා ‘’රත්නපුරයේ සන්නිවේදන කුළුණ ස්ථාපිත කිරීමත් සමඟින් උළුප්ිය ප‍්‍රදේශයේ ජනතාවට දැන් අපගේ ජාත්‍යන්තර මට්ටමේ, buffer free 4G ජාලයට පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකියි. ශ‍්‍රී ලාංකික ජනතාවගේ ජීවිත වඩාත් සාර්ථක කිරීමේ, විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් නොමැති අති දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන ප‍්‍රජාවන්ගේ ජීවිත නගා සිටුවීමේ එයාර්ටෙල් දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා TRCSL සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරනවා.’’

සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට එක සමාන අන්තර්ජාල පහසුකම් වෙත ප‍්‍රවේශය සලසා දෙමින් මෙම ‘’ගමට සන්නිවේදනය’’ වැඩසටහන මගින් දුර්වල ජාල ආවරණයක් සහිත ග‍්‍රාමීය දිස්ත‍්‍රික්කවල ඩිජිටල් පරතරය අවම කිරීමට අරමුණු කරයි. එමෙන්ම 2022 වන විට දීප ව්‍යාප්තව 100%කට ආසන්න ආවරණයක් ලබා දීමට මෙමගින් බලාපොරොත්තු වේ.

මීට අමතරව, එයාර්ටෙල් දිවයින පුරා නව 4G සන්නිවේදන කුළුණු ඉදිකිරීමත් සමඟ සිය 4G ජාලය පුළුල් කිරීමේ කටයුතු ද ක‍්‍රියාත්මක කරයි. එයාර්ටෙල් ලංකා සිය 4G ආවරණය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත්තේ ග‍්‍රාමීය ප‍්‍රදේශ මෙන්ම වඩාත් ජනාකීර්ණ ප‍්‍රදේශ ද ආවරණය කරන පරිදි උපායමාර්ගිකව සැලසුම් කිරීමෙනි.

ඉතා ආකර්ෂණීය ලෙස වැඩිදියුණු කළ ගෘහස්ත ආවරණයක් සහ ශක්තිමත් සංඥා පද්ධතියක් සමඟ සුපිරි ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ලබා දීමට එයාර්ටෙල්හි වැඩිදියුණු කළ 4G ජාලය පුළුල් ආවරණයක් සහ ධාරිතාවකින් යුතුව කදිම සුසංයෝජනයක් ලබා දෙයි. ශ‍්‍රී ලංකාව පුරා ක‍්‍රියාත්මක ජංගම දුරකතන ජාල සේවාවන්හි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් buffer free වීඩියෝ, සුපිරි ගෘහස්ත ආවරණයක් මෙන්ම වේගවත් අන්තර්ජාල ප‍්‍රවේශයක් ද එයාර්ටෙල් 4G තුළින් ලබා දෙයි.

Visits: 61