ආසිරි සර්ජිකල් හොස්පිටල් රු. 1.20 බැගින් පළමු අතරමැදි ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සමාගම (AMSL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.20ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් බවද ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 07 වැනිදා ප්‍රකාශ කර ඇති ඇති, ලාභාංශ රහිත දිනය ලෙස නොවැම්බර් 16 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 15.40ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේ කොටසක අගය වූ රුපියල් 15.30ට සාපේක්ෂව ශත 10ක එනම් 0.65%ක ඉහළ යාමකි.

Visits: 135