ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී HNB ‘’විශිෂ්ටතම පාරිභෝගික බැංකුව සහ SME බැංකුව” සම්මාන හිමි කර ගනී

හැටන් නැෂනල් බැංකුව, 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී බැංකුකරණ අංශයේ ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමිකර ගනිමින් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇතැයි පවසයි.

ලෝකයේ වඩාත්ම සාර්ථක මූල්‍ය ආයතන ඇගයීමට ලක් කිරීම හා සැමරීම සඳහා ගෝලීය වේදිකාවක් ලෙස සැලකෙන කීර්තිමත් ජාත්‍යන්තර මූල්‍ය සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල නවෝත්පාදන, යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිභෝගික කේන්ද්‍රීයත්වය වෙනුවෙන් ප‍්‍රමුඛ සමාගම්වල ජයග‍්‍රහණ සම්මානයට පාත‍්‍ර කරයි.

රෙගුලාසි, තාක්ෂණික සංවර්ධනයන් සහ වෙළෙඳපල ප‍්‍රතිසංස්කරණ රාශියක් හේතුවෙන් බැංකු ක්ෂේත‍්‍රය ක‍්‍රමයෙන් වෙනස් වී ඇති බැවින්, සෑම අයදුම්කරුවෙකුගේම ඉදිරිපත් කිරීම්, කාර්යසාධනය සහ අතීත ජයග‍්‍රහණ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් විසින් ඔවුන්ව විනිශ්චයට ලක් කළේය.

”කීර්තිමත් ජාත්‍යන්තර මූල්‍ය සඟරාව විසින් විශිෂ්ටතම පාරිභෝගික බැංකුව සහ විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස HNB නැවත වරක් ඇගයීමට ලක් කිරීම ගැන අප ඉතා සතුටු වෙනවා. මෙම ඇගයීම SME සහ පාරිභෝගික අංශයේ සිටින අපගේ සේවකයින්ගේ වෙහෙස මහන්සි වී කටයුතු කිරීම හා කැපවීමේ සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි. වසංගතය මගින් එල්ල කරන ලද අභියෝග හමුවේ වුවද ඔවුන්ගේ එම කැපවීම අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ දියුණුව සඳහා අසමසම බැංකු සේවාවක් ලබා දීම සඳහා අඛණ්ඩව වර්ධනය වී තිබෙනවා. ඉදිරියටත්, නව්‍ය විසඳුම් සැපයීමේ අරමුණින් තාක්ෂණය උපරිම ලෙස උපයෝගී කර ගනිමින් පරිවර්තනීය බැංකුකරණයක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමට අප පොරොන්දු වෙනවා.” HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා පවසා සිටියි.

දිවයින පුරා සිටින මිලියන 2.5 කට අධික ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලන පාරිභෝගික බැංකුකරණය HNB හි ප‍්‍රමුඛතම අංශයකි. ගනුදෙනුකරුවන්ට දුරස්ථව සිටිමින් ගනුදෙනු කිරීමට පහසු, පුළුල් සහ ආරක්ෂිත විකල්ප ලබා දීම සඳහා ඩිජිටල් බැංකු විසඳුම් හා සේවා උපරිම ලෙස භාවිතා කරන පුරෝගාමියෙකු ලෙස HNB කටයුතු කරයි.

හැටන් නැෂනල් බැංකුවේ තාක්ෂණික නායකත්වය, වසංගතය ආරම්භයෙන් පසු සීඝ‍්‍ර ලෙස වර්ධනය වූ බැංකු ගිණුම්, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් හරහා සම්බන්ධ වූ ඩිජිටල් ගෙවීම් වැනි විවිධ කටයුතු එක තැනකින් සිදු කරගත හැකි  HNB SOLO වැනි බැංකුවේ ජයග‍්‍රහණය සහතික කළ පෙරළිකාර ඩිජිටල් වේදිකාවන් දියත් කිරීම හරහා පිළිබිඹු වේ. මෙම යෙදවුම LANKA QR සමඟ සම්බන්ධ කිරීමෙන් පසු, බැංකුව එහි පරිශීලක අතුරු මුහුණත සඳහා නිරන්තරයෙන් අලූත්කිරීම් සිදු කරමින් යෙදවුමේ විශේෂාංග හා ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට HNB අඛණ්ඩව කටයුතු කිරීම මගින් ගනුදෙනුකරුවන්ට මුදල් රහිත සහ සම්බන්ධතා රහිත ගෙවීම් අත්විඳීමට අත්විඳීමට හැකියාව ලැබේ.

පාරිභෝගික මධ්‍යස්ථාන 254ක් හා 780කට අධික ATM හා මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍ර සංඛ්‍යාවක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.

එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව පස්වරක් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලදී. තවද 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian)  බැංකුව ලෙස HNB සම්මානයට පාත‍්‍ර විය.

Visits: 74