අශෝක් පතිරගේ ආසිරි හොස්පිටල්ස් හි රු.මිලියන 46.8ක් වටිනා කොටස් මිලදී ගනියි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා විසින් එම සමාගම වෙත ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංස් පීඑල්සී (ASIR.N0000) සමාගමෙහි කොටස් මිලියන 1.4ක් (1,397‍්457ක්) මිලදී ගෙන ඇතැයි පවසයි.

පසුගිය ඔක්තෝබර් 14 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 33.50කට මිලදී ගෙන ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 46.8ක් (46,814,809ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී ඔහු විසින් සභාපතිත්වය දරන සොෆ්ට් ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත මෙම කොටස් මිලදී ගැනීම සිදු කර තිබේ.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත් කෙරුණු ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංස් පීඑල්සී වාර්ෂිකව වාර්තාවට අනුව එහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් මිලයන 580ක් (580,468,443ක්) සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සීවෙත හිමිව ඇත. එය 51.03%ක ප්‍රතිශතයකි.

මේ අතර පසුගිය ජූලි 26 වැනිදා සහ 29 වැනිදා අශෝක් පතිරගේ මහතා විසින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හරහා පිළිවෙලින් ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස්හි කොටස් 40,148,930ක් සහ 1,467,834ක් මිලදී ගෙන තිබේ. එහිදී කොටසක් රුපියල් 28 බැගින් මිලදී ගැනීම සිදුව ඇත. එලෙස මිලදී ගත් සමස්ත කොටස් ප්‍රමාණය 41,616,764කි.

ඒ අනුව මේ වනවිට සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සතු ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් කොටස් ප්‍රමාණය මිලියන 622ක් (622,085,207ක්) දක්වා ඉහළ නැග තිබේ.

මේ අතර 2021 මාර්තු 31 වැනිදා වනවිට අශෝක් පතිරගේ මහතා සතුව ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් සතු කොටස් ප්‍රමාණය 371,661ක් ලෙසද සටහන්ව ඇත.

Visits: 299