ඔබගේ නිවසේ ඇති PET ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට නැවත ජීවය ලබා දෙන්න!

PET (පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට්) යනු ඔබගේ නිවසේ බහුලව දක්නට ලැබෙන ප්ලාස්ටික් වර්ගයක් බව ඔබ දන්නවාද? PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය 100% ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි බැවින් ඒවා වගකීමෙන් යුතුව බැහැර කර කළමනාකරණය කළ විට එය වටිනා නිෂ්පාදනයක් බවට පත් වේ!

PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් නිර්මාණය කළ හැකි දේවල් පිළිබඳව සැලකීමේදී ඒවා වටිනා සම්පතක් ලෙස පෙන්වා දිය හැකිය.

ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස් විසින් ඇඟළුම් සඳහා පොලියෙස්ටර් නූල් සහ බුරුසු හා කොසුවල භාවිතා කරන මොනොෆිලමන්ට් PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කර වටිනාකම් එකතු කළ නිෂ්පාදන බවට පත් කරයි. එවැනි නිෂ්පාදන ලොව පුරා රටවල් කිහිපයකට අපනයනය කෙරේ.

ඔබගේ PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව වෙන් කර බැහැර කිරීමෙන් ඒ්වාට නව ජීවයක් ලබා දීමට ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් හට ඔබ ඉඩ සලසයි. ශ‍්‍රී ලංකාවේ කසළ එකතු කිරීමේ බඳුන් සිය ගණනක් තිබෙන අතර 400+ කට වැඩි PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් සංඛ්‍යාවක් ද සිටී.

මොවුන් දිවයින පුරා මෙන්ම ඔබගේ අසල්වැසි ප‍්‍රදේශවලද පැතිර සිටී. ඔබගේ කසළ නිසි පරිදි බැහැර කරන බව සහතික වීමෙන් මෙම එකතු කරන්නන්ගේ ජීවනෝපායන් ඉහළ නැංවීමට ඔබට සහයෝගය ලබා දීමට හැකි වනු ඇත.

අපගේ වගකීම වන්නේ අප පරිභෝජනය කරනු ලබන PET ප්ලාස්ටික් නැවත ප‍්‍රතිචක‍්‍රීයකරණයට යොමු කිරීමයි. මෙමගින් ශ‍්‍රී ලංකාවේ පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, ඒ හා සම්බන්ධ පුද්ගලයින්ගේ ජීවනෝපායන් නගා සිටුවීමටත්, අපනයන ඉපැයීම් සහ චක‍්‍රීය ආර්ථිකයකට දායකත්වය ලබා දීමටත් අපට හැකි වේ.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කර බැහැර කිරීමට සහ එයට නව ජීවයක් ලබා දීමට අපගේ නොමසුරු සහයෝගය ලබා දෙන්නෙමු? ඔබ?

Visits: 126