මහ බැංකු අධිපති කබ්රාල් කටාරයේ බැංකු තුනක ප්‍රධානීන් හමුවෙයි

මේ දිනවල කටාරයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහිදී එරට මහ බැංකුවද ඇතුළුව ප්‍රධානතම බැංකු තුනක ප්‍රධානීන් හමුවූ බව පවසයි.

ඒ අනුව කටාර ජාතික බැංකුවෙහි ප්‍රධානී, දෝහා බැංකුවේ ප්‍රධානී සහ කටාර කොමර්ෂල් බැංකුවෙහි ප්‍රධානීන් මෙලෙස හමුවී තිබේ.

මෙම හමුවීම් හරහා කටාරය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙම සංචාරය සඳහා මහ බැංකුවෙහි නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගි වී තිබේ.

Visits: 135