මහජන බැංකුවේ අතුරුගිරිය සේවා මධ්‍යස්ථානය ශාඛාවක් බවට පත්වෙයි

අතුරුගිරිය ප්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ අත්දැකිම් වඩාත් පුළුල් ලෙස පිරිනැමීම සඳහා මහජන බැංකුවේ අතුරුගිරිය සේවා මධ්‍යස්ථානය අංග සම්පූර්ණ බැංකු ශාඛාවක් බවට පත්කර විවෘත කිරීම 2021 ඔක්තෝම්බර් 21 වැනිදා සිදුකෙරිණි. මෙය මහජන බැංකුවේ 364 වන ශාඛාවයි.

එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

මෙය වර්තමානයේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකුලව විවෘත කෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල්) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත්, කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකාරණ) රෝහිනි මදුරාවල, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා) ටී.එම්.ඩබ්ලිව් චන්ද්‍රකුමාර, කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර ලාල් පීරිස්, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි විනෝදනී පීරිස් සහ සුධර්මා සුභාෂිණි, අතුරුගිරිය ශාඛා කළමනාකාරිනි ඒ.ජී. මනෝරි  යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වී තිබේ.

Visits: 48