CIC හෝල්ඩිංග්ස් පීඑල්සී රුපියල් 1.00 බැගින් අතරමැදි ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා අතුරු ලාභාංශයක් ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව CIC හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.00 බැගින් සහ සෑම නිෂ්ඡන්ද කොටසක් සඳහාම රුපියල් 1.00 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙස පැවසෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස නොවැම්බර් 24 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස නොවැම්බර් 02 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී CIC හෝල්ඩිංග්ස් පීඑල්සී ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 51.30ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේදී සටහන් වූ රුපියල් 48.60ට සාපේක්ෂව ශත 2.70ක එනම් 5.56%ක ඉහළ යාමකි.

එසේම සමාගමෙහි නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 42.20ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊට පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 40.40ට සාපේක්ෂව රුපියල් 1.80ක් එනම් 4..48%ක වර්ධනයකි.

Visits: 282