කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට සරසවි වෙතින් 20% ක් දක්වා වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා 2022 අගෝස්තු මාසය අවසානය දක්වා දිවයින පුරා පිහිටි ඕනෑම සරසවි පොත් හලකින් පොත් සහ පාසැල් උපකරණ මිලදීගැනීමේදී 20% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇතැයි පවසයි.

මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතුරු කිරීමේ ගිණුම් සහ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුම් ‘Dotcom’ යොවුන් ගිණුම් හිමි දරුවන් මෙම විශේෂ වට්ටම් ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ඔවුන් තමන්ට අවශ්‍ය කියවන සහ ලියන පොත් මෙන්ම පාසැල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය මිලදීගැනීමේදී මෙම වට්ටම් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. 

මෙම ගිණුම් හිමියන්ට සරසවි පබ්ලිකේෂන්ස් සහ වීරෝදාර ස්ටේෂනරි වෙතින් 20% ක වට්ටමක් හිමිවන අතර මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී සරසවි පොත්සැල් වලින් මිලදී ගන්නා අනිකුත් සියළුම ප‍්‍රකාශන සහ ලිපිද්‍රව්‍ය සඳහාද 10% ක වට්ටමක් හිමිවේ.

කැල්කියුලේටර්, අධ්‍යාපනික ප‍්‍රකාශන සහ සරසවි වෙතින් අනිකුත් සේවා ලබාගැනීමේදී මෙම වට්ටම් හිමි නොවන බව ද බැංකුව සඳහන් කරයි.    

මෙම වට්ටම් ලබාගැනීම සඳහා  ඕනෑම සරසවි පොත් සැලකින් බිල්පත් ගෙවීමේදී ‘අරුණළු’ හෝ ‘ඉසුරු’ සන්නාමය සහිත ළමා ඉතුරු කිරීමේ පාස්පොත්, ‘ඉසුරු’ ඉතුරුකිරීමේ සහතික හෝ Dotcom ඩෙබිට් කාඞ්පත ඉදිරිපත් කළ යුතුය.  

ශ‍්‍රී ලංකාවේ පොත් කර්මාන්තයේ පුරෝගාමී ආයතනයක් වන සරසවි බුක්ෂොප් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම මෙරට තිබෙන විශාලතම පොත් අලෙවිසැල් ජාලය වේ. මේ වනවිට, දිවයින පුරා විහිදුණු පොත් අලෙවිසැල් 28 ක් සරසවි සමාගම සතුවේ.

Visits: 82